තෘෂ්ණාවෙහි අනාගත භව දුක්ඛයට හේතුවන ආකාරය.

තෘෂ්ණාවෙහි අනාගත භව දුඃඛයට හෙවත් මතු උත්පත්තියට හේතුවන ආකාරය මේ චතුරාර්‍ය්‍ය සත්‍ය කථාවෙහි ඉතාමත් ගැඹුරු වූ ද දුරවබෝධ වූ ද කාරණය යි. මෙය සිහි නුවණින් යුක්තව නැවත නැවත කියවීමෙන් ද, මෙය ගැන නැවත නැවත කල්පනා කිරීමෙන් ද, දන්නවුන් අතින් තවදුරටත් කරුණු විමසීමෙන් ද, දන්නවුන් හා සාකච්ඡා පැවැත්වීමෙන් ද තේරුම් ගැනීමට උත්සාහ කරත්වා. මෙය අවබෝධ කරගත…

Read More

අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නො දෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ චූලකර්ම විභංග සුත්‍රයේදී සුභ මානවකයාට බොහෝම ලස්‌සන ධර්මයක්‌ දේශනාකරනවා. සුභ මානවකයා මේ ලෝකයේ සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොටගෙන පවතීය කියලා. සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහන එක ප්‍රශ්නයක්‌ තමයි භාග්‍යවතුන් වහන්ස( මේ ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයන් සමහරු දීර්ඝායුෂ ලබමින් ජීවත්වෙනවා. තවත් කෙනෙක්‌ හීන ආයුෂ සහිතව මිය පරලොව යනවා. ස්‌වාමිනී භාග්‍යවතුන් වහන්ස, මෙහෙම…

Read More

රූපයට වහලෙකු නොවන්න.

වර්තමාන සමාජයේ සූපවේදයේ දියුණුභාවය හේතුවෙන් සකස්‌වෙන විවිධ රසයෙන්, ගුණයෙන්, පැහැයෙන්, හැඩයෙන් යුත් ආහාරයන් නිසා පිංවතුන් එම ආහාරයන් ඇසෙන් දැක, දිවෙන් රසවිඳ අප්‍රමාණ ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන් නොලැබුණ තැනදී ගැටෙන සිත් ඇතිකරගෙන නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන්ට ඇල්ම නිසා රෝගාබාධ ඇති කරගන්නවා. එම නිසා පිංවත් ඔබ රසය ඉදිරියේ ඇස, දිව, මනස සංවර කරගන්න. එසේ නොවුණහොත් ආහාරය…

Read More

ගොනා පසු පස නඟුල එන්නා සේ…

සත්ව හිංසාවට අදාළවයි මේ සටහන ලියන්නේ. වර්තමානයේ රැකියාවක්‌, ව්‍යාපාරයක්‌, මෝස්‌තරයක්‌ හැටියටත් සත්ව හිංසාව කරන විශාල පිරිසක්‌ සිටිනවා. බොහෝම ඉහළ ශ්‍රේණියේ සමහරක්‌ බල්ලන් ඇතිකරන මහත්වරුන් බැල්ලිය පැටව් ලැබුවට පස්‌සේ බලුපැටියට සතියක්‌ වෙනකොට පශු වෛද්‍ය මහතා ලඟට බලුපැටව් රැගෙනවිත් එම සතුන්ගේ වලිගය කපාදමනවා. එය කරන්නේ මෝස්‌තරයකට. කුකුළු ගොවිපොළවල්වල කුකුළු පැටව් කුඩා කාලයේදීම එම සතුන්ගේ හොට කෙටිවෙන්න කපා…

Read More

ඔබ ඔබට කළ්‍යාණ මිත්‍රයෙක් වන්න.

පින්වත, මිථ්‍යා දෘෂ්ටික පෙරහැරේ කසකරුවන්ට තමයි නිර්ආගමිකභාවය යැයි කියන්නේ. මේ අයගේ මිච්ඡා දැක්ම තමයි මැරුණාට පස්සේ, සියල්ල ඉවරයි කියන දෘෂ්ටිය. මෙම පින්වතුන් කර්මය සහ කර්මඵල විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, දානයේ, සීලයේ ආනිශංස පිළිබඳ විශ්වාසය, සතර අපායක් හා සුගතියක් තිබෙනවාය කියන විශ්වාසය, මෙම අයට නැහැ. එම නිසා ම, ඇත්තයි, බොරුවයි අතර තිබෙන කුසලයේ සහ…

Read More

ඉන්ද්‍රිය සංවරයට ගරු කරන්න.

පින්වත, අලුත විවාහ වෙච්ච තරුණ යුවළක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, අපි දරුවන් නොහදන්න තීරණය කළා” ය කියලා. පින්වත, එම දෙපළ සිතන්නේ දරුවන් ජීවිතයට බරක්ය කියලා. පින්වත, හැමෝම මෙහෙම සිතුවොත් සිංහල බෞද්ධයාට අනාගතයේ දී කුමක් සිදු වෙයි ද? මෙය සටහන් තබන භික්ෂුවගේ තාත්තාට සහෝදර, සහෝදරියන් පස් දෙනෙක් සිටියා. භික්ෂුවගේ අම්මාට සහෝදර, සහෝදරියන් හත් දෙනෙක් සිටියා. පින්වත,…

Read More

අපේ හමුවීම බැඳීම් වැඩෙන හමුවීමක් නොවේ.

පිංවත, මේ සටහන ලියන්න පටන් ගන්න මොහොතේ, භික්ෂුවට මේ ලිපිය ධර්ම ගෞරවයෙන් කියවන පිංවත් ඔබව සිහිපත් වුණා. පිංවත් ඔබව සිහිපත් වූ එම සිතුවිල්ල අනිත්‍ය වූ රූපයක් හේතුවෙන් සකස්වුණ අනිත්‍ය වූ ඵස්සයක් යැයි දැක භික්ෂුව පිංවත් ඔබව අමතක කොට දැම්මා. පිංවත් ඔබව අමතක කළාය කියලා, ඔබ භික්ෂුව සමග අමනාප වෙන්න එපා. භික්ෂුව ඔබව අමතක කළේ පිංවත්…

Read More

කය දුවවා වැඩක් වේ ද? සිත නතර කරනු බැරිනම්…

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක්‌ නොදැනීම අවිද්‍යාවය කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට අයත් මේ කය නිරෝගීභාවයට පත්කිරීම උදෙසා අප්‍රමාණ වෙහෙසක්‌ ගන්නවා. රටපුරා තිබෙන ක්‍රීඩාංගණ, කායවර්ධන මධ්‍යස්‌ථාන, ජනමාධ්‍යවල, ක්‍රීඩාගාර, මහපාරේ දෙපස ඇති තණතීරුවල පිංවත්…

Read More

අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම.

එක් සමයක භාග්‍යයවතුන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන සේක. එකල්හි, බුදුරජාණන්වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාල සේක. මහනෙණි , අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි, මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි. මහනෙණි , කෙසේ සමාදන් වන උපෝසථ සීලයද මහත්ඵල ඇත්තේ, මහත් අනුසස් ඇත්තේ , මහත් බැබලීම්…

Read More

ඇය මටද, මට ඇයද නොව අප දෙදෙනාම අයිති ධර්මතාවයකටය.

ධම්මානුපස්‌සනාව. චක්ඛු විඤ්ඤාණය, ශෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්වීම ධර්මතාවයක්. පින්වත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පින්වත් ඔබ මුලින්ම ආශ්වාදයක් කර ගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂ කුටියයි. කුඩා ඉඩකඩක් තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස් කුණුපයන් මැදි කොට ගෙන ඔබ ඇති කර ගත් මේ…

Read More