සීලයෙන් බැහැර වූ මනුශ්‍යයා රත් පැහැයට හුඟාක් කැමතීයි.

මනුෂ්‍ය සමාජයේ ජීවත්වන ශීලයෙන් බැහැර වූ මිනිස්සු රතු පැහැයට හරි කැමතිය. රුධිරය දකින්න රුධිරය විඳින්න හරි කැමතිය. මරණීය වේදනාවෙන් දඟලන සතෙකුගේ දිහා බලලා සතුටුවෙන්න හරිම කැමතියි. එම සතාගේ මරණීය අඳෝනාව අහලා මිහිරක් විඳින්න ඒ මනුෂ්‍යයින් කැමතියි. ඒ අය පදං වෙලා තියෙන්නේ අකුසලයට. කෙනෙක් බොදු ගීතයක්, ආදර ගීතයක් රසවිඳිනවා වගේ මේ අය අහිංසක තිරිසන් සතෙකුගේ මරණීය…

Read More

අනුන්ව පාලනය කිරීමට යන ඔබ.

පාලකයෙක්‌ වෙන්න අපි මොනතරම් කැමතිද? පංති කාමරයක වේවා, වැඩබිමක, ආයතනයක, පන්සලක, ගමක, නගරයක, රටක පාලකයා, නායකයා වෙන්න අකමැති කෙනෙක්‌ නොමැත. ඔබ ඔබෙන් අහල බලන්නකො නායකයෙක්‌ වෙන්න ඔබ අකමැතිද කියලා. ඔබ දැනටමත් නායකයෙක්‌ වෙන්න පුළුවන්. මිනිසා තරග කරන්නේද, සටන් වදින්නේද, අනුනට කැපිලි කෙටිලි දමන්නේද නායකත්වයට පාර සකස්‌ කර ගැනීමටය. නැතිනම් නායකත්වය ආරක්‍ෂා කරගැනීමටය. වෛරය, ක්‍රෝධය, සැකය…

Read More

මරණය එනතුරු නොසිට මරණය දකින්න.

පිංවත් ඔබ කුමන වයසක පසුවුවද සමාධිමත් මනසින් සංහිඳීමට පත්වුණා වූ සිතෙන් තම අතීතයට යන්න. ඒ කියන්නේ ඔබ වැඩුන මව්කුසට. පිංවත් මෑණියන්ගේ මවු කුසේ නව මාසයක්‌ ඔබ ලැබු අත්දැකීම් මනසින් දකින්න. මෑණියන්ගේ උදරයේ මස්‌, ඇට, බොකු, බඩවැල්වලට මැදිවී, බැලුම් බෝලයක්‌වන් ගර්භාෂ කුටියක වකුටුවී සිටි ආකාරය සිහියට නගාගන්න. ලේ, සැරව තැවරුන මොලකැටි රූපය මනසින් දකින්න. එතනින් නොනැවතී…

Read More

ජීවිතය යන ප්‍රශ්නාවලියට පූර්ණ පිළිතුර.

උතුම් පැවිදි ජීවිතය ගතකරන අපි, පාංශකූල චීවරය, පිණ්‌ඩපාතයෙන් යෑපීම, කැළයේම හුදෙකලාව ජීවත්වීම, එකවේලක්‌ යෑපීම කියන කාරනා නිවන් මාර්ගය මෝදුකොටගැනීමට, සත්තිස්‌ බෝධිපාර්ශ්වික ධර්මයන් වැඩීමට උපකාරක ධර්මයන් බවටයි පත්කොට ගතයුත්තේ. එසේ නැතිව එම උපකාරක ධර්මයන් නිවන් මාර්ගයේ ඵලයක්‌ හැටියට ගැනීමට නොවෙයි. මොකද භික්‍ෂුව දැකලා තිබෙනවා, සමහර පිංවත් ස්‌වාමීන්වහන්සේලා එකවේලක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපීම නිසා තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය…

Read More

    ‘සිතීම’ පහසුයි – ‘භවය’ අපහසුයි.

    එක මහත්මයෙක්‌, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය යනවා. පටිච්චසමුප්පන්නව ඒ මහත්මයා එම ඉඩමේ ප්‍රේතයෙක්‌ වශයෙන් උපත ලබනවා. ඒ වැටමායිම ළඟ සිටිමින් තවමත් මායිමේ අයිතිය ගැන සිතනවා. නිමාවක්‌ නැති සිතීම, නිමාවක්‌ නැති භවය පෝෂණය කොටදෙනවා. ලෝකයේ කටුකම, බියකරුම, ගැඹුරුම, දීර්ඝම, අමිහිරිම දෙය මොකක්‌ද කියලා…

    Read More

    අකුසල් මූලයන් නිසා ගොරෝසු සිත.

    පින්වත අද උදෑසන පිණ්ඩපාත මඩුවට පින්වතුන් පනහකට වැඩි පිරිසක් පැමිණ සිටියා. මේ සෑම කෙනෙකුගේ ම මුහුණුවල තිබුණේ සතුටක්. දුකෙන් පිරිච්ච ලෝකය තුළ කෙනෙකුගේ පුංචි හෝ සතුටක් කියන්නේ පිනේ ඵලයක්. ශ්‍රද්ධාවේ, ශීලයේ, දානයේ, මෛත්‍රියේ දිට්ඨධම්මවේදනීය ප්‍රතිලාභයක්. මේ පින්වතුන් පිණ්ඩපාත මඩුවේ දී ලබන මේ පුංචි සතුට පෙරළා තම නිවසට ගොඩවැදීමේ දී දුකක් බවට පත්වෙන්න පුළුවන්. පින්වත සිතුවිල්ලෙන්…

    Read More

    පංච නීවරණ ධර්මයන්ගේ තිව්‍රභාවය.

    පින්වත, අපේ රටේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වනවා නේද? පින්වත, අපේ මේ පුණ්‍යවන්ත රට ලස්සන වෙනවා නම්, එය මොනතරම් භාග්‍යයක් ද? පින්වත, රටක් පිරිසිදු වෙන්න නම් අධම්මික සූත්‍රයට අදාළව ක්‍රමානුකූල හේතුඵල ධර්මයන් මත ගලා ගෙන යන ක්‍රමවේදයක් තිබෙනවා. අංක එක රටේ රජතුමා පිරිසිදු වෙන්න ඕනේ. අංක දෙක රටේ ඇමති මණ්ඩලය පිරිසිදු වෙන්න ඕනේ….

    Read More

    ආශාවේ වියරුව. කැමැත්තේ මරලතෝනිය.

    මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති – සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්‌වීමක ස්‌වභාවය සටහන් කරමි. මෙම රැස්‌වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක්‌ සහභාගි වූහ. මේ අතර සිවුරු දරාගත්, හිස මුඩු කළ ප්‍රේත භික්‍ෂූන්ද විය. මේ සියලු දෙනාම තරුණ සහ මැදිවියේ ප්‍රේතයෝ සහ ප්‍රේත භික්‍ෂූන්ය. මනුෂ්‍ය ලෝකයේ අයුරින් භික්‍ෂූන්…

    Read More

    මාරයාගේ පළඳනාව.

    තෙත් කලාපීය පරිසරයක වැසි දිනවල කූඩැල්ලන්ගෙන් ගහන ආරණ්‍යයක පිණ්‌ඩපාත ශාලාවට දානය සඳහා වැඩීමට කිලෝමීටර දෙකක පමණ දුරක්‌ තිබිණි. යායුතු මඟ ගල් බොරලු, කඳු බෑවුම්, කුණකටුවා, තෙල් කරවලයා වැනි සර්පයින් සහිත මඟකි. පාවහන් නොපළඳින භික්‍ෂුවකගෙන් පාවහන් පළඳින භික්‍ෂුවක්‌ මෙසේ විමසීය ‘ඔබ වහන්සේ පාවහන් නොදා වඩිනකොට කකුල් තුවාලවෙන්නේ ගල් ඇහෙන්නේ නැතිද?’ ‘ඇත්තෙන්ම නැහැ’ උන්වහන්සේ පිළිතුරු දුන්හ. ‘ඒ…

    Read More

    මාර්ගඵල ලාභී උතුමන්ගේ පින්බර ජීවිත.

    සෝවාන් ඵලයට පත් වූ අයෙක් නැවත උප්පත්තිය ලබන්නේ උපරිම වශයෙන් ආත්ම හතක් තුළ බව බුදුපියාණන් වහන්සේ වදාළා. ඒ ආත්ම හත තුළ උපත ලබන පුද්ගලයන් මෙලොව දී අපේ ඤාති, හිත මිතුරන් ඉපදී අපට ඇසුරු කරන්නට ලැබෙනවා ද? එවන් අය හඳුනා ගන්නේ කොහොම ද? ඔවුන්ගේ ගති ලක්ෂණ කෙසේද? කියා ඔබට සිතෙනවා ඇති. සෝවාන් වූ කෙනෙක් අප අතරේ…

    Read More