භික්ෂුවට ලස්සන වැඩිකර ගන්න පුළුවන්.

භික්ෂුව මුණගැසෙන්නට පැමිණි මැදිවියේ මහත්මයෙක් ප‍්‍රකාශ කළේ, ස්වාමීන්වහන්ස, මගේ නෝනාගේ කන්දොස්කිරියාව අහලා මට දැන් ජීවිතයත් එපා වෙලාය තිබෙන්නේ කියලා. මගේ නෝනා කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. නොසෑහීම ජීවිතය කොටගත් නෝනා මහත්මියක්ය කියලා. මම වෙළෙඳපොළට ගිහිල්ලා වටිනාම හොඳම ඇඳුමක් පැළඳුමක්, ආහාරයක්, ගෘහ උපකරණයක් ගෙනත් දුන්නත්, ඒක අතට අරගෙන අසන්නේ අපෝ මීට වඩා හොඳ එකක් තිබුණේ නැද්ද…

Read More

ලෝකයේ නොතැවරී ජීවත් වෙන්න.

පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය දවසින් දවස අලුත්, අලුත් විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ සමාජගත කරනවා නේද? පින්වත, පාතාල මර්ධනය, මත්ද්‍රව්‍ය, නඩු, උසාවි, බන්ධනාගාර විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ නැවත, නැවත දැකීමෙන්, පින්වත් ඔබ මේවාට ඇලීමෙන් හෝ ගැටීමෙන් නේද, ජීවත් වෙන්නේ? පින්වත, අවිද්‍යාවේ ජන්ම ගතිය කුසල් හෝ අකුසල් සංස්කාරයෝ උපයෝගී කොට ගෙන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ සමාජගත…

Read More

ඔබත් සොබාදහමත් අතර වෙනසක් නොතබන්න.

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී…

Read More

සංස්කාර – 08.

පංචඋපාදානස්‌කන්ධයට අදාළව, සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ගැන, මෙම සටහන අවසන් කිරීමට සූදානම්වන මොහොතේ, භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ මුල් මාස කිහිපය තුළ විපාකයට පැමිණි, කුසල් සංස්‌කාරයක්‌ ගැන මෙහි සටහන් තබනවා. භික්‍ෂුවට මතක්‌වෙනවා මීට වසර අටකට පෙරාතුව, භික්‍ෂුව සාමනේරකෙනෙක්‌ වශයෙන් ආරණ්‍යයක වැඩසිටියදී අහම්බෙන් වගේ සිදුවූ හමුවීමක්‌. ඒ හමුවීම තමයි මෙම ලිපි පෙළ ඉදිරිපත් කරන ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයාගේ හමුවීම. කළුතර වසන්ත…

Read More

අෂ්ට ලෝක ධර්මයන් ඉදිරියේ ඔබ අවුල් නොවන්න.

පින්වත, දැන් වෙලාව උදෑසන නවයට පමණ ඇති. අවට පරිසරයේ කොළ පැහැය තාවකාලිකව අතුරුදන් වෙලා. මුළු පරිසරය ම තද මීදුමින් වැහිලා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය වලාකුළු මැද්දේ ඉදිවෙලා තිබෙන කුටියක් වගේ මයි. පින්වත, තේජෝ ධාතුවේ ආධිපත්‍යය දරන හිරු අසරණ වෙලා, ආපෝ ධාතුව පරිසරයේ ආධිපත්‍යය තාවකාලිකව දරනවා. පින්වත, භික්ෂුව මේ දකින්නේ ආපෝ ධාතුවේ කෙටි ආස්වාදයයි. පින්වත,…

Read More

තෘෂ්ණාව.

පින්වත් ඔබේ දෑසට කඳුළු ගලන පලියට කඳුළු පිසදමන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුව කඳුලින් තෙත් වේවි. ඔබේ සිතට සිතුවිලි නැගෙන පලියට ඒවා ගැන සිතන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුවට ඉස්පාසුවක් ලැබේවි. සිතුවිලි සිතට නැගෙන පලියට ඔබ සිතුවොත් සංස්කාර නමැති කඳුලින් ඔබේ බවයට ගලාගෙන යන විඤාණය තෙත් වේවි. පින්වත් ඔබ තුල යම් අරමුණක් තිබුනොත් තමයි විඤාණයට…

Read More

සූවිසි විවරණ

පළමු වැනි නියත විවරණය …දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් දීපංකර බුදුහිමි පාද මූලයෙහි වේද මන්ත්ර ධරන්නා වූ ත්රිවේදය සහිත නොයෙක් ශාස්ත්රයන්හි පාරප්රාප්තව සිට තවුස් පැවිද්දෙන් පැවිදිව අෂ්ට සමාපත්ති ,පඤ්ච අභිඥා ලාභී ,සුමේධ තවුස්ව සිට එම බුදුන් වඩින මගක මඩ සහිත බිමක් සකස් කරමින් සිටිය දී බුදුන් වැඩිය හෙයින් බුදුන් ප්රධාන මහා සඟ රුවනට වැඩමවීම පිණිස ඒ දණ්ඩක්…

Read More

මැරෙන මොහොතේ මොකද වෙන්නෙ ?

ධර්ම සාකච්ඡාවක්‌ වෙලාවේදී මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා හාමුදුරුවනේ මැරෙන මොහොතේ කුමක්‌ද වෙන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන දෙය කවුරුද තීරණය කරන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන්නේ මොකක්‌ද කියන කාරණය අපිට ධර්මානුකූලව හොඳට පැහැදිලියි. අපි කවුරුන් හෝ මියයන මොහොතේ අවසාන චුති සිත ඇතිවෙන විට චුති සිත කියන්නේ මේ රූපය උපයොගීකරගෙන සකස්‌වෙන අවසාන පංච උපාදානස්‌කන්ධයට. චුතිසිත සකස්‌වෙන්නේ මනෝවිඤ්ඤාණයක්‌ හැටියට. කුමක්‌…

Read More

තිසරණයෙන් ඇති පිහිට.

අපගේ මා පිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් බා දීමට ද ක්‍රියා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නො පැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන් වහන්සේ නො පැමිණෙති. ධර්ම, සංඝ යන රත්න දෙක ද…

Read More

සිනහවත් කඳුළත් අනිත්‍ය වී යන සංස්කාර ඇස්බැන්දුමක්.

පින්වත, අනාගතයේ යම් දවසක ප්‍රාතිමෝක්‍ෂ ශීලය ලෝකයෙන් අතුරුදන් වෙයි ද, එදාට උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂා කොට ගෙන ජීවත් වූ උපසම්පදා ස්වාමීන් වහන්සේලා අතුරුදන් වෙලා යනවා. පින්වත, විනයගරුක උපසම්පදා ස්වාමීන් වහන්සේලායි, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ආරක්‍ෂකයා වෙන්නේ. පින්වත, විනයගරුක උපසම්පදා භික්ෂුවක් යැයි කියන්නේ මොනතරම් දුර්ලභ භාග්‍යවන්තභාවයක් ද? පින්වත, උපසම්පදා භික්ෂුව ඊළඟ පරපුර උදෙසා සම්මා සම්බුද්ධ ශාසනය…

Read More