විද්‍යාවෙන් නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව.

භික්‍ෂුවක්‌ එක්‌තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක්‌ දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්‍ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම. පිංවත් ඔබ මවකට දරුවෙක්‌ බිහිවන හැටි, තිරිසන් සතෙක්‌ විසින් පැටවෙක්‌ බිහිකරන සැටි. කිකිළියෙක්‌ බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්‌වීම සඳහා මුල්…

Read More

පව පහුරුගාමින් නොසිට කුසල නිධිය මතුකරගන්න.

මේ සටහන තබන වේලාවේ භික්‍ෂුවට මතක්‌ වෙනවා භික්‍ෂුව ගිහිකාලයේ ගමේ පුරාණ විහාරයේ වැඩසිටි අපවත්වී වදාළ ගෞරවනීය නායක ස්‌වාමීන් වහන්සේව. උන්වහන්සේ සෑම වසරකට වරක්‌ම තම කුටිය හිස්‌කරනවා. එය සිද්ධකරන්නේ වාර්ෂිකව පැවැත්වෙන දානමය පිංකමට. කුටියේ ඉතිරිව තිබූ සෑම පිරිකරක්‌ම පිංකමට වඩින ස්‌වාමීන් වහන්සේලාට පූජා කරනවා. මට මතකයි ඒ ක්‍රියාව තුළින් උන්වහන්සේ පිංකමට පස්‌සේ ලොකු ආශ්වාදයක්‌ ලබනවා. ලොව්තුරා…

Read More

මිථ්‍යාදෘෂ්ටි අළු ගසා නැගිටින සමාජයක පින මගහැර යන්න එපා.

පිංවත, අපි දකින්නට අකමැති ගොරහැඬි සිහින වගේම, අපි දකින්නට කැමති පාට පාට සිහින අපි කොතෙක් නම් දැක තිබෙනවා ද? පිංවත, අපි කොතෙක් නම් අනාගත පාට පාට සිහින දකින්න බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා ද? පිංවත, සිහින කියන්නේ විඤ්ඤාණයේ මායාවක්. ගොරහැඬි වේවා, පාට පාට වේවා, සිහිනයක් උපදින්නේ මනෝසම්ඵස්සයෙන්. පිංවත, මනෝසම්ඵස්සය යැයි කියන්නේ ඔබගේ අධ්‍යාත්මික රූපය, බාහිර රූපය සහ…

Read More

බඹසරෙහි සහ සත්‍ය වචනයෙහි ආනුභාවය.

අපේ භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳුවේ ඉතා තුනී ගල් පාත්තරයක. ශෛලමය පාත්‍රා ධාතූන් වහන්සේ කියලයි ඒ පාත්තරේට කීවේ.භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා සත්සතිය වැඩඉන්නැද්දී සත්වෙනි සතියේ වැඩ උන්නේ රාජායතන කියන කිරිපලු රුක්සෙවනේ. ඔය කාලේ තපුස්ස – භල්ලික කියන සහෝදර වෙළෙන්දෝ දෙන්නෙක් උක්කලා ජනපදයේ හිටං කරත්ත පන්සියයක බඩු පටවාගෙන යද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට කිට්ටුවෙන්…

Read More

ඇලීම්, ගැටීම්, විඳීම් ඉදිරියේ සැඟවීම.

පිංවත මේ ලෝක ධාතුවේ උත්කෘෂ්ට ම සීලය උතුම් උපසම්පදා සීලයයි. උතුම් උපසම්පදා සීලයට නිවැරදිව, අර්ථවත්ව ධූතාංග සීලයන් එකතු වුණොත්, එය උත්තරීතර සීලයක් ම වෙනවා. පිංවත මේ උත්තරීතර සීලය සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය වුණොත්, සීලය විනිවිද, අපි ඥාන දර්ශනයෝ මතුකොට ගන්නවා. පිංවත උපසම්පදා භික්ෂුවකගේ ප්‍රාතිමෝක්‍ෂ සීලය අයිති වෙන්නේ සුපටිපන්න ගුණයෙන් පෝෂණය වූ උජුපටිපන්න ගුණයටයි. උපසම්පදා භික්ෂුවක්…

Read More

වැස්‌ස වලාහක දෙවිවරු.

වේලාව සවස 5.00ට විතර ඇති. භික්‍ෂුව වැඩසිටින කඳුකර ප්‍රදේශයට වේගයෙන් සුළඟ හමනවා. කඩින් කඩ වැසිත් ඇතිවෙනවා. පරිසරය අඳුරු කරලා තිබෙන්නේ. ලොකු වැස්‌සක පෙරනිමිති පේනවා. මේ වැස්‌සට ගම්වැසියෝ කියන්නේ මහියංගන පෙරහැර වැස්‌ස කියලා. අතුරුභෝග කුඹුරුවල වගාකරලා තිබෙන, ගමේ ගොවි මහත්වරුන්ට මේ වැස්‌ස බලාපොරොත්තු ඉහළ නංවනවා. වැස්‌ස ගැන කථාකරනකොට මතකයට එන්නේ වැස්‌සවලාහක දෙවියන්ව. වැස්‌සවලාහක දෙවියන්ට ලස්‌සන දූවරු…

Read More

සැරියුත් මහරහතන් වහන්සේගේ නිවාත ගුණය.

මම උසස් ය, අන්‍යයන් මාහට ගරු බුහුමන් කළ යුතු ය. මා කියන දෙය පිළිගත යුතු ය. මට අනුකූල විය යුතු ය. මා විසින් අන්‍යයන්ට යටත් නො විය යුතු ය. ගරු නො කළ යුතුය. අනුකූල නො විය යුතු ය. කියා ඇති වන උමතුකම හෙවත් මානය බැහැර කොට, අන්‍යයන්ට අනුකූල ව වෙසෙන ස්වභාවය නිවාත ගුණය ය. මෙය…

Read More

පින්වත් ඔබ ලෝකයෙන් හුදකලා වෙන්න. එම හුදකලාව තුල සිටිමින් ලෝකය දකින්න.

මනුෂ්‍යයා තුළින් තෙරුවන් කෙරෙහි සද්ධාව සහ ශීලයේ උතුම් හරයන් ශක්තිමත් වෙනකොට මනුෂ්‍යයා තුල මනුෂ්‍යත්වයේ ඕජාව ලියලා වැඩෙනවා. මනුෂ්‍යත්වයේ ඕජාව කියන්නේ අලෝහ අද්වේශ අමෝහ ධර්මයනුයි. මේ ඕජාව මනුෂ්‍යයා තුළ වැඩෙනකොට තමා තුළින් පංචනීවරණ තුනීභාවයට පත්වී, තමාත් සාමකාමී වෙනවා සමාජයත් සාමකාමී වෙනවා. අධික තෘෂ්ණාව නිසාම මනුෂ්‍යයා මනුෂ්‍යත්වයේ ඉපදීමට අවශ්‍ය ඕජාව සැප සෙවීමට යන ගමනේදී හීනකරගන්නවා. දැන් මනුෂ්‍යයා…

Read More

දළදා අෂ්ඨක කවි.

මුණි නන්දන ගුණ රංජන උත්තම බඹ සරණම් තෙද නන්වන හස රන්දන අති පූජිත සොබනම්` සිරි කැන්දන සුව රන්දන සිරි සම්බුදු වදනම් ශ්‍රී සම්බුදු දළඳ සඳ අභි වන්දන කරනම්` සංසාරිත භව බන්දන සිඳ බිඳලන තෙදනම් පින රන්දන දෙවි වන්දන බඹ සේසත පුදනම්` සෙංකඩගල ජයවර්ධන පුරමන්ගල විමනම් ශ්‍රී සම්බුදු දළඳ සඳ ජින පංජර කරනම්` ජල නන්දන බල…

Read More

විඤ්ඤාණය – 02.

අතීතයේ ඔබ පටිච්චසමුප්පන්නව සක්‌විති රජවෙලා සිටියදී රාජ භෝජන නිසා, රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය නිසා, දිව්‍යාංගනාවන්, ස්‌ත්‍රීරත්නය නිසා ලෝකයම දිග්විජය කරන පුතුන් දහසක්‌ නිසා, සෘද්ධියෙන් යන අජානීය අශ්වයා නිසා, මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොටගන්න ඇතිද…? සශ්‍රීක දිව්‍යතලවල ඉපදෙන වෙලාවේ, සශ්‍රීක දිව්‍ය සැප නිසා, දිව්‍ය භෝජන, දිව්‍ය අප්සරාවන්, දිව්‍ය විමාන නිසා මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොට ගන්න…

Read More