බුදුරජුන්ගෙන්ම කමටහන් ලබාගන්න.

සම්බුද්ධ ශාසනයක්‌ මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්‌ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය. පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන…

Read More

ජයග්‍රහණය ලබන්නේ පරාජය තුළින්මයි.

පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය පටිච්චසමුප්පන්නව භව පච්චයා ජාති ඔස්සේ සක්‍රීය වෙන්නේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ කිරි ගහට ඇන්නා වගේ විශ්වසනීය ක්‍රියාත්මකභාවය නිසාම යි. ඒ නිසා ම ජයග්‍රහණය සහ පරාජය අපි හැමෝගේම ජීවිතවලට පොදු ධර්මතාවයක් වෙනවා. අපි හැමෝම ජයග්‍රහණයන්ට පුදුමාකාර කැමැත්තක් දැක්වුවත්, පරාජයන්ට අපි දක්වන්නේ පුදුමාකාර අකමැත්තක්. අපි ලබන පරාජයන්ට අපි අකැමැත්තක් දැක්වුවත්, ඊට පටිච්චසමුප්පන්නව හේතුවෙන…

Read More

ඔබ කවරාකාරයේ පිංවතෙක් ද?

පිංවත, ව්‍යාපාරික මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට මේ සහල් කිලෝ එක රුපියල් එකසිය පනහකට විකුණන්න පුළුවන්. ඒත් මම විකුණන්නේ රුපියල් එකසිය විසිපහටයි කියලා. පිංවත, ලෞකික ප්‍රඥාවෙන් යුත් දක්ෂයා රුපියල් විසිපහේ (25) අමතර ලාභයක් උදෙසා මනුෂ්‍ය හිංසනයක් සිදුකොට ගන්නේ නැහැ. ලෞකික ප්‍රඥාවෙන් දෑස් අන්ධ වර්තමාන ව්‍යාපාරික ලෝකය තුළ බලවත් ආකාරයෙන් මනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවා. ඒ…

Read More

සිල්පද ආරක්ෂා කරගන්න.

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩසිටින කඳු මුඳුනේ කුටියට වැව් පිටිය හොඳට පෙනෙනවා. මේ වෙලාවේ මීහරක්‌ 75 ක පමණ රංචුවක්‌ තණ උලා කනවා. වැවේ සිටින කිඹුලා ජලයෙන් මතුවෙලා යටයන නිසා වැව් දියට බැසීමට බයෙන් වතුර එකතුවී ඇති කුඩා දිය කඩිති වල සමහර සතුන් විවේක ගන්නවා. මේ සත්තු රැළ භික්‍ෂුවට පෙනෙන්නේ මාරසේනාවක්‌ හැටියට. නමුත් මේ මීහරක්‌…

Read More

බාලිසික සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, යම්සේ බිලිබාන්නෙක් ඇම සහිතවූ බිලිය ගැඹුරුවූ දියෙහි බහාලන්නේද, ඇම දුටුවාවූ එක්තරා මත්ස්‍යයෙක් එය…

Read More

බක්කුල මහරහතන් වහන්සේ.

තෙරුවන් සරණයි …! අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක්‌ භික්‍ෂූන් වහන්සේ සියයක්‌ සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක්‌ විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය නැඟණිය වූ රෝහිණී කුමාරිය නොපැමිනීම උන්වහන්සේට ප්‍රශ්නයක්‌ විය. එහිදී නැගෙන පැවසුවේ රෝහිණී කුමාරියට දද රෝගයක්‌ හටගෙන ඇති නිසා ඇය නිවසින් පිටතට…

Read More

පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක ලෝභය.

රේරුකානේ ස්වාමීන් වහන්සේ. උපුටා ගැනීම, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්තයෙන්. පරාර්ථකාමතා” යනු කුශලච්ඡන්දයකි. අනුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන පරාර්ථකාමී සත් පුරුෂයන් ඒ නිසා කීර්ති ප්‍ර‍ශංසා ගරු බුහුමන් ලාබ සත්කාර තනතුරු ලබනු දක්නා තැනැත්තා කෙරෙහි තමාටත් ඒවා ලැබීමේ ආශාව ඇති වේ. කීර්ති ප්‍ර‍ශංසාදිය ලබනු පිණිස අනුන්ට වැඩ කිරීම වනාහි අනුන්ට යහපත කිරීමේ ආකාරයෙන් ආත්මාර්ථය ම…

Read More

අවැසි නම් සැබැවින්ම සාමය, බුදු රජුන් දෙසූ මෙයයි යාගය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන සුන්දර යාගයක්‌ තිබෙනවා. එම සුන්දර යාගයේදී මනුෂ්‍යයෝ මැරෙන්නේ නැහැ, සතුන් හිංසාවට පත්වෙන්නේ නැහැ, කාන්තාවන් දූෂණය වන්නේ නැහැ, දේපළ විනාශ වන්නේ නැහැ, මනුෂ්‍යයන් අංගවිකල බවට පත්වන්නේ නැහැ. ඒ උතුම් යාගය තමයි පංචශීලයේ යාගය’ කියලා. ‘පංච ශීලයේ යාගය තරම් ශ්‍රේෂ්ඨ යාගයක්‌ මේ ලෝක ධාතුවේ නැහැ’ය කියල බුදුරජාණන්…

Read More

අවාසනාවන්ත උපතක් නැවත ඔබ ඔබේ කරගන්න එපා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළා, මේ සසරින් ගැලවීයන්න නම් ඔබ මුලින්ම මේ සසර දුක්‌ඛිත බව, බියකරු බව, විශම බව දකින්න ඕනේ කියලා. මෙම අත්දැකීම්වල ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ලෝකයෙන් මිදෙන්න ඔබත් වීරිය වඩන්න. නිරතුරුව ඔබ මොන පිංකම් සිදුකළත් මොන ශීලයක්‌ ආරක්‍ෂා කළත් අතහැරීම පුරුදු කරන්න. තමාගේ අඹුදරුවන්, ගේ දොර, ඉඩකඩම්, ව්‍යාපාර, යානවාහන, තමාගේ නිදන කාමරය, සයනය…

Read More

වරදකරුවා නිවැරදි වීමට මාර්ගය කියන දහම.

පින්වත සමාජය තුළ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙන කොට, මුසාවාද, පිසුණු වචන, පරුෂ වචන, සම්පප්‍රලාපයෝ කියන මිච්ඡා වාචාවන්ට ලොකු වටිනාකමක් ලැබෙනවා. පින්වත මැතිවරණ කාලයට බොරු කීමේ තරග අපිට දකින්නට ලැබෙනවා. සමහරක් පින්වතුන් දන්නවා බොරුව නැවත නැවත සමාජගත කිරීමෙන් බොරුව ඇත්තක්ම වෙලා යනවා ය කියලා. පින්වත මිච්ඡා සරණක් සොයන සමාජය ඉදිරියේ බොරුව ඇත්තක් කළත්, අවසානයේ සමස්ත…

Read More