භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා …

සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්‌තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක්‌ ලෙස මතක්‌ කරන්න. මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ…

Read More

පටිච්චසමුප්පන්න චක්‍රයම අපේ ලෝකයයි. !

පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස ජීවිතයේ හැම දෙයක්ම වෙනස් වෙලා ගියා. අතීත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් පටිච්චසමුප්පන්න සුළඟට ගසාගෙන ගිහිල්ලා. මගේම ආච්චී, සීයා, අම්මා, තාත්තා මැරුණාට පස්සේ කොහේ ඉපදුනාද කියන්න, මම දන්නේ නැහැ. තරුණ කාලයේ එකට සෙල්ලම් කරපු යාළුවෝ, හුඟදෙනෙක් මිය ගිහිල්ලා. ඒ අය පටිච්චසමුප්පන්නව නැවත සුගතියක ඉපදුනාද කියන කාරණය ඉදිරියේ, මටත් තිබෙන්නේ…

Read More

චූල සුඤ්ඤත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල මිගාරමාතු ප්‍රාසාද නම්ලත් පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය….

Read More

රාග සිතක් සංවර කරගන්නේ කෙසේ ද?

භික්ෂූන් වන අපිට, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සය ළඟ නවතින්න කියලා. ඒ නිසාම භික්‍ෂුවත් පස්සය ළඟ නැවතිලයි සිටින්නේ, ඒ නිසාම, පසළොස්වක සඳ එළියේ සුන්දරත්වය ගැන විතර්ක භික්ෂුව තුළ සකස් වෙන්නේ නැහැ. තව මොහොතකින්, මේ සුන්දර පසළොස්වක සඳ කළු වළාවකින් වැසී ගියොත්, පරිසරයේ සියලූම චමත්කාරයන් වෙනස්වෙලා යාවි. සුන්දර පසළොස්වක සඳ එළියේ වෙනස් වීම හෙවත් ආදීනව සංඥාව,…

Read More

අවිද්‍යාවේ සරලම අර්ථය චතුරාර්ය සත්‍යය නොදැනීමයි.

අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට වැඩි නිවසේ, සිටුවා තිබූ රෝස මල් පඳුරක, සුදු පැහැ ලස්සන රෝස මලක් පිපිලා. උදෑසන රෝස පෙති මත වැටුණු පිනි කැට වලින් රෝස මල තවත් ලස්සන වෙලා. අකීකරු බඹරුන් මැද විකසිත වුණ නෑඹුල් රෝස මලේ ඔබ, පංච නීවරණ සුළඟේ දැවටෙන මාර දූතයෙක් හෝ මාර දූතියක් නම් වෙන්න එපා. නික්ලේශී සම්බුදු පුදසුනක් මත,…

Read More

දුක සැප පෙරළෙන සංස්කාර.

වැස්‌ස බොහෝම හයියෙන් වහිනවා. තුන් බිත්ති කුටියේ ඉදිරිපස එල්ලා ඇති පැරණි සිව්ර අතරින් මීදුමත්, වහලයේ කුමේරය අතරින් වැහි බිඳුත් කුටියට වැටෙනවා. පරිසරය මීදුමින් වැසිලා. හැබැයි සුළඟ තවම නැහැ. වෙලාව පස්‌වරු 5.30 යි. දියසීරාව නිසා කුටියේ බිම සිමෙන්තිය තෙත්වෙලා. පාවහන්වලින් තොර නිර්වස්‌ත්‍ර දෙපා, තෙතබරිත සිමෙන්ති පොළොවේ ගැටෙන විට සීතලක්‌ දැනෙනවා. මේ වැස්‌ස, සීතල, දියසීරාව, මීදුම හරිම…

Read More

‘මල් – සුවඳ – ජිවිතය – දුක ‘.

අද උදේ පිණ්‌ඩපාතයේ වඩිනකොට හොඳටම වැහිරීගිය ශරීරයකින් යුත් එළදෙනක්‌ මහ පාරට යාබදව ඇති වැව් පිටියේ බිම වැටී දඟලනවා. ඒ එළදෙනගේ අත් පා ගැහෙනවා. පෙබරවාරියේ කර්කශ ඉඩෝරයේ කටුකභාවය, වැහැරීගිය එළදෙනගේ ශරීරයේ ස්‌වභාවයෙන් ඉතා අර්ථවත්ව මතුකොට දෙනවා. සත්වයාගේ අකුසල් මෝදුකොට, විපාකයන් සලස්‌වන්න, මේ කටුක වියලි පරිසරය බොහෝම සමීපභාවයෙන් උපකාර කරනවා. තවම පෙරවරු 8.00 ට වත් නැහැ. හිරුගේ…

Read More

තෘෂ්ණාව දන් දී, ආහාර පමණක් භුක්ති විඳින්න. – සබ්භාසව සූත්‍රය.

මීළඟට සබ්බාවශ්‍රව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන් කියලා. කුමක්‌ද ඔබ ප්‍රත්‍යාවේක්‍ෂා කරන්නේ. ඔබ ගන්නා වූ ආහාරය, ඇඳුම් පැළඳුම්, ඖෂධ, නිවාස හෝ කුටිය. මේවා පරිහරණය කිරීමේදී සිහිනුවණින් පරිහරණය කරනවා. ආහාරයක්‌, ගිලන්පසක්‌, ඖෂධයක්‌, නිවාස පරිහරණය කිරීමේදී මේවා කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකොට ගතහොත්, ඒවා කෙරෙහි සුබ නිත්‍ය සංඥාවන් ඇතිකොට ගතහොත් ඔබ තුළ නැති ආශ්‍රවයන්…

Read More

අපි සතර අපායෙන් මිදුණාය කියලා දැනගන්නේ කොහොම ද?

පිංවත් ඔබ ආර්යඅෂ්ඨාංගික මාර්ගය උදෙසා ජීවිතය මරණයට දමලා බුදුරජාණන් වහන්සේව දකින්න. බුදුරජාණන් වහන්සේ දකිද්දී නැවත ඔබට ජීවිතය ලැබෙනවා. එම නිසා මේ උතුම් වර්තමානය අහිමිකරගන්න එපා. මේ උතුම් ධර්මශක්‌තිය බිඳින්න, අවසන් කර දක්‌වන්න මාර ධර්මයන් තදින්ම ක්‍රියාත්මක වෙනවා. ධර්මධර විනයධර ස්‌වාමීන් වහන්සේලා සශ්‍රික සිව්පසයට, ලාභසත්කාර, කීර්ති ප්‍රශංසාවලට කොටු කර විනාශ කර ඔවුන් ලවා විකෘති ධර්මයන් දේශනා…

Read More

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්නත විදගැනීම.

මෙම විදර්ශනාමය ධර්ම දානයේ කුසල් ශක්තියෙන් රෝග පීඩාවන්ට ලක්ව සිටින සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!! පින්බර ඇසළ මාසය උදාවෙලා. තවත් සුන්දර වස්සානයක මතකය අපි හැමෝගේම සිත් තුල අවදිවෙනවා. මේ දිනවල වරින් වර ඇද වැටෙන පොද වැස්ස, වස්සානය ගැන අවදිවන මතකය තව තවත් ශක්තිමත් කොටදෙනවා. ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම අපි, කොරෝනා…

Read More