බුදුරජුන්ගෙන් පාර නෑසූ අවසනාවන්තිය.

අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්‌ද කියලා පැහැදිලි කිරීමක්‌ කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්‌ව උම්මත්තකයෙක්‌, මිනීමරුවෙක්‌, සියදිවිනසාගන්නෙක්‌, යහපත් මනුෂ්‍යයෙක්‌ කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්‌කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න. රූපයට…

Read More

මරණසතිය නිවනේ අමෘතයයි.

මරණානුස්සති භාවනාව ‘අමෘත’ නම් වූ නිවන් සුවය දක්වාම ගෙනයන භාවනා කමටහනකි. මරණ සතිය වැඩීමේ ඉතාම හොඳ ක්‍රමය නම්, එය අපේ ආශ්වාස – ප්‍රශ්වාස ක්‍රියාවලියේ රිද්මය අනුව පුරුදු පුහුණු කිරීම බව බුදුපියාණන් වහන්සේ වදාළහ. ‘ආශ්වාස – ප්‍රශ්වාස’ දෙකක් අතර මාගේ මරණය සිදුවිය හැකිය’ යනුවෙන් නිතර ගැඹුරින් මෙනෙහි කරන්නා අමා මහ නිවනට වහ වහා ළංවන බව බුදුපියාණෝ…

Read More

තෘෂ්ණාව යම් තැනක ද එතැන රාහු කාලයයි.

පින්වත, තවත් සිංහල අලුත් අවුරුද්දක් හෙට දවසේ උදා වෙනවා. පින්වත, සිංහල බෞද්ධකම අර්ථවත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, මෙලොව සහ පරලොව පිළිබඳ විශ්වාසයෙන් පෝෂණය වූ කර්මය කර්මඵල ගැන දන්නා ජාතියක, විනයගරුක මංගල්‍යයටයි සිංහල අලුත් අවුරුද්ද යැයි කියන්නේ. පින්වත, මෙම මංගල්‍යය පුරාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රස සහ ගුණ යස අගේට තැවරිලා තිබෙනවා. පින්වත, සිංහල අලුත් අවුරුද්දේ නැකතට…

Read More

භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය…

“භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය. එය ගල් කුටියක්‌. ඉදිරිපස බිත්තිය මැටියෙන් කපරාදුකර සුදුහුණුගාල තිබුණා. දීර්ඝ කාලයක්‌ මේ කුටියේ ස්‌වාමීන් වහන්සේනමක්‌ වැඩ ඉඳල නැහැ. දසසිල් සමාදන් වෙච්ච වයෝවෘද්ධ උපාසක සීයා කෙනෙක්‌ මෙම කුටියේ ටික දිනක්‌ නැවතී භාවනා කරල තිබෙනවා. භික්‍ෂුව මේ කුටියේ මාස දෙකහමාරක්‌ ගතකළා. සාමනේර අවධියේ භික්‍ෂුව මේ කුටියට වඩිනවිට කුටිය…

Read More

රාග සිතක් සංවර කරගන්නේ කෙසේ ද?

භික්ෂූන් වන අපිට, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සය ළඟ නවතින්න කියලා. ඒ නිසාම භික්‍ෂුවත් පස්සය ළඟ නැවතිලයි සිටින්නේ, ඒ නිසාම, පසළොස්වක සඳ එළියේ සුන්දරත්වය ගැන විතර්ක භික්ෂුව තුළ සකස් වෙන්නේ නැහැ. තව මොහොතකින්, මේ සුන්දර පසළොස්වක සඳ කළු වළාවකින් වැසී ගියොත්, පරිසරයේ සියලූම චමත්කාරයන් වෙනස්වෙලා යාවි. සුන්දර පසළොස්වක සඳ එළියේ වෙනස් වීම හෙවත් ආදීනව සංඥාව,…

Read More

ඔබ තවමත් ප්‍රමාද බව දකින්න.

විශාඛා උපාසිකාව ලබාගත් වර අට ගැන ඔබ මොහොතක්‌ සිතන්නකෝ. ඔබ මේ කරුණු අටෙන් කීයක්‌ ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවාද? නිතිපතා නෙවෙයි මසකට වතාවක්‌වත්… අවුරුද්දට වතාවක්‌….. ඔබ මහා සංඝරත්නයට දන් දෙන කෙනෙක්‌ද? වැසිසළුවක්‌ පූජාකරන කෙනෙක්‌ද? මහා සංඝරත්නය උදෙසා අනෙකුත් උපස්‌ථානයන් සිදුකරන කෙනෙක්‌ද? ඔබ ඔබේ හෘද සාක්‍ෂියට තට්‌ටුකරල අහන්න. පිළිතුර ‘ඔව්’ වුණත් සෑහීමකට පත්වෙන්න එපා. ඔබ ඔබට…

Read More

අනිත්‍යයි කියන සංඥාව මා තුළින් මා බැලුවේ ඔය ආකාරයටයි.

ප්‍රශ්නය :- අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්ස, අනිත්‍ය සංඥාව වඩන හැටි විස්තර ටිකක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස. සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කිව්වහම දැන් අපි ඉර නැගල, ඉර බැහැල යනවා දකිනවා. නමුත් කිසිම කළකිරීමක් ඇති වෙන්නේ නැහැනේ. මලක් ගත්තොත් පරවෙනවා දකිනවා. නමුත් ජීවිතාවබෝධයක් ඇති වෙන්නේ නෑ. මේ ගැඹුරට වඩා ගැඹුරු අනිත්‍ය තාවයක් දැකිය යුතුයි නේ ස්වාමීන් වහන්ස. ඒක…

Read More

සංසාරයේ අප රවටන විඤ්ඤාණයේ මායම්කරු.

පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, තෙල් පෝලිම්වල රස්තියාදුවෙලාම, අනුන් කෙරෙහි ද්වේශයත්, තමන් කෙරෙහි ව්‍යාපාදයත්, දැන් හොඳටෝම වැඩිය කියලා. මේ සවස්වල තෙල් පෝලිමක් අසලින් වාහනයක ගමන් කරද්දී, පෝලිමේ සිටින පිංවතුන් හරිම නූරුස්සනා ස්වභාවයකින් සංඝයා දෙසත් බලන්නේ. එම පිංවතුන්ලා සිතනවා සංඝයා වාහනවල යනවා, තමන් පෝලිම්වල දුක්විඳිනවාය කියලා. පිංවත, සංඝයා වඩින වාහනවල අයිතිකරුවනුත් පෝලිම්වල රස්තියාදුවෙලයි තමන්ගේ වාහනවලට…

Read More

රහතන් වහන්සේ යනු දුවන ලෝකය තුළ නොදුවන චරිතයකි. !

කාලය නැවතිලා තිබෙන්නේ. ඉර, හඳ, තාරකා දුවන පස්‌සේ, මනුෂ්‍යයා අතීත, අනාගත, වර්තමාන වශයෙන් බෙදාගෙන දුවනවා. නමුත් රහතන් වහන්සේ නැවතිලයි සිටින්නේ. ඒ නිසා උන්වහන්සේට මේ වේගය හොඳින් දැනෙනවා. දුවන ලෝකය තුළ නොදුවන චරිතයක්‌ බවට රහතන් වහන්සේ පත්වෙන්නේ එහෙමයි. රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි අපිව මේ දිවීමේ තරගයට ඇද දමන්නේ. අවිද්‍යාව කියන ජවය, හඹායැමේ ශක්‌තිය අපට ලබාදෙනවා. දැන්…

Read More

දැක්ම වරදින විට මතුවෙන පුහු වීරත්වය!

පින්වත, “සත්ත්වයා කර්මය දයාද කොට ගෙන උපදියි” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, කර්මය යැයි කියද්දී, කුසල් සහ අකුසල් කියන කාරණා දෙකම අයිති වෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට නම් මේ කාලයේ දී කුසල් සංස්කාරයෝ විපාක දෙනවා වැඩියි. පින්වත, විපාක දෙන කුසල් සංස්කාරයෝ හේතුවෙන් විපාකයට පැමිණීමට නොහැකිව ළත වෙන අකුසල් සංස්කාරයෝ අවස්ථාවක් පැමිණෙන තෙක්…

Read More