කොහෙද මේ යන්නේ?

හිමිදිරි උදයේ අවදිවෙලා හැමෝම මහ යුද්ධයක. සමහරු දත් මදිනවා මූණ සෝදනවා. සමහරු උයනවා කෑම පිළියල කරනවා. සමහරු වැසිකිලියේ.සමහරු රෙදි මදිනවා. ළමයි ඉස්කොලෙ වැඩ ඉවර කරගන්න බැරුව දගලනවා. වැඩට යන්න ඉස්කෝලෙ යන්න වාහන ඇවිල්ලා නලා නාද කරනවා. කට්ටිය කෑගහගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඔය අතරෙ ගුවන් විදුලියෙ රූපවාහිනියෙ යන බණ පිරිත් ආදියත් ඇහෙනවා. කඩිමුඩියේ බත් කටක්…

Read More

අකුසල පිරි ගෙවී යන වසරට සමුදෙමු.!

අනාගත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි, ඇතෙක් බරට බලාපොරොත්තු පොදි බැඳගෙන, අද හෙටම තවත් අලූත් අවුරුද්දක් උදාවෙනවා. දෙසැම්බර් 31 වැනිදා රාත‍්‍රී පුපුරා යෑමට නියමිත රතිඤ්ඤා හඬේ දෝංකාරය, අපේ අනාගත බලාපොරොත්තුවල තරම, නොසඟවා ප‍්‍රකාශ කරාවි. සත්‍යකින්ම උදාවෙන අලූත් අවුරුද්දේ අපි අලූත් බලාපොරොත්තු ඇති කොටගත යුතුයි. ලබන්නා වූ අලූත් අවුරුද්දේ අපිට පුළුවන් නම්, තවදුරටත් දිය…

Read More

සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුද්ධත්වයට පැමිණෙන අයුරු.

සියලු ම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබවට පැමිණියේද ආනාපාන චතුර්ත්ථ ධ්‍යානයෙන් නැගී සිට ඥානය පටිච්චසමුප්පාදයට යවා පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වටහා ගෙන විදර්ශනා කිරීමෙනි. මහා බෝධිසත්වයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්ම වූ පරිදි අප මහා බෝසතාණන් වහන්සේද ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිට, ආනාපානස්මෘති භාවනාවේ යෙදී ධ්‍යාන උපදවා චතුර්ත්ථ ධ්‍යානයෙන් නැඟී සිට උන්වහන්සේගේ ඥානය පටිච්චසමුප්පාදයට යැවූහ….

Read More

නීතියට බයේ සැඟවෙන, අකුසලය ඉදිරියේ චන්ඩිවෙන නිවටකම.

මෙය සටහන් තබන භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ දොළොස්වැනි වස් කාලය ගෙවී යන්න තවත් හරියටම සතියක කාලයක් ඉතිරිවී තිබෙනවා. භික්‍ෂුව මොහොතක් දෑස් දෙක පියාගෙන ගෙවීගිය දොළොස් වසරක උපසම්පදා දිවියේ අතීතය දෙස හැරී බලනවා. ඒ අතීතය තුළ භික්‍ෂුවට පිංවත් ඔබට සටහන් තබන්න ඉතිරිවෙලා තිබෙන්නේ සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියා පමණක්මයි. පිංවත් ඔබගේ සිත ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවන්ගෙන් හිස්වුණ තැන…

Read More

ඊලග උපතට හේතුවන මරණාසන්න සිත…

මරණාසන්න මොහොත මතු උපතට බලපාන්නේ කෙසේදැ’යි දැන ගැනීමට බොහෝ දෙනා කැමැතිය. කිට්ටු සෙනෙහෙබර ඥාතියෙකු මිය ගිය විට ඔහු හෝ ඇය හැසිරුණු ආකාරය අනුව සමහරු නොයෙක් අදහස් දරති. මේ අදහස් ඇතැම්විට ජන සමාජයේ විශ්වාස හා පිළිගැනීම් ඇසුරෙන් ඇතිවීමට පිළිවන. එසේ නැතිනම් ආගමික ඉගැන්වීම් පදනම් කරගෙන ජන සමාජය තුළ පැතිරීමටද හැකිය. බෞද්ධයන් අතර ද තමන් ඇසූ අන්දමට…

Read More

සුභම නැකත.

අද නැකත් දවසක්‌. ඒ කියන්නේ සුබ දවසක්‌. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාතය වඩිනකොට, මෝටර් රථයක්‌ වේගය බාලකොට භික්‍ෂුව අසලින් ගමන් කළා. භික්‍ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්‌. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක්‌ සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක්‌ බලලා ‘දුකක්‌’ කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්‍ෂුව එය දුකක්‌ හැටියට දැක්‌කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ…

Read More

විශ්වාසය හොරු අරගෙන යන සංස්කාර ලෝකය.

පින්වත, පාතාලය මේ දවස්වල මිනී මරනවා ගොඩාක් වැඩියි නේද? පින්වත, කාට හරි තියන වෙඩි පහරක් ඇවිත් වදීවි කියලා, මේ දවස්වල ඔබත් බියෙන් ද පසු වන්නේ? පින්වත, මිනී මැරීම අයිති වන්නේ මිච්ඡා කම්මන්තයන්ට. පින්වත, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචාවෝ සක්‍රීය වුණ තැන, උපදින්නේ මිච්ඡා කම්මන්තයි. පින්වත, මිච්ඡා කම්මන්තයන්ගේ විරුද්ධ අර්ථය සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයන්ගෙන්, සම්මා…

Read More

වැඩියෙන්ම දන් දිය යුත්තෙ නැති බැරි අයයි…

දානය ගැන කතා කරද්දී දරුවෝ අපේ සමාජයේ හුගාක් ⁣වෙලාවට තියෙන අය තමයි දන් දෙන්නේ. නැති අය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ තියෙන අයගෙන් ලබන්න. ඔතන හරිම දුර්වල කමක් නැති අය කරන. මොකද ඉස්සෙල්ලාම දකින්න ඕන මේ ඇති පිරිසක් බිහි වුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ දානය නිසා. දන් දෙන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් කෙනෙකුට ලැබුණේ කුමක් නිසාද? ඒ…

Read More

ජීවිතයත් මරණයත් අතර ඇති කෙටිභාවය දකින්න.

අහස්‌ මාලිගා ගොඩනගාගෙන ජීවත්වුණත් ජීවිතයත් මරණයත් අතර තිබෙන කාල පරතරය මොනතරම් කෙටිද යන්න ආශ්වාස ප්‍රාශ්වාසය තුළින් දකින්න. ඕනෑම කෙනෙක්‌ මැරෙනවාය කියන්නේ ඉහළට ගත්තාවූ හුස්‌මපොද නාසයෙන් පිටවුනාය කියන කාරණයයි. හුස්‌ම රැල්ලක්‌ ඉහළට ගන්නකොට ‘ජීවිතය’ කියලා දකින්න. එම හුස්‌මරැල්ල නාසයෙන් පිටවෙනකොට මරණය මනසින් දකින්න. නැවත නැවතත් මෙසේ මෙනෙහි කරන්න. ජීවිතයත් මරණයත් අතර ඇති කෙටි භාවය දකින්න. ජීවත්වීමට…

Read More

ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨිය සකස්කොටගත් පින්වතා තුළ, දකින්න පූළුවන් මුලික ලක්ෂණ මොනවා ද?

සම්මා දිට්ඨියට අදාළ ප්‍රධානම කාරණයන් වන්නේ.. 1. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. 2. මරණින් පසූ හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදීම පිළිබඳ විශ්වාසය. 3. කර්මය – කර්ම ඵල විශ්වාසය. 4. දන්දීමේ, සිල් රැකීමේ ආනිශංස පිළිබඳ විශ්වාසය. 5. අම්මා, තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය. 6. ඕපපාතිකව සත්ත්වයන් උපදිනවාය කියන විශ්වාසය. 7. අතීතයේ අධිගමලාභී උත්තමයින් වැඩ සිටියාය කියන විශ්වාසය. තෙරුවන් කෙරෙහි…

Read More