ලොව්තුරා බුදුරජාණන්වහන්සේනමක්‌, උතුම් සම්මා සම්බෝධිය සාක්‍ෂාත්කොටගැනීමේ අවසාන පරමාර්ථය.

කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද? සාරිපුත්ත මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා ‘භාග්‍යවතුන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ නමැති උතුම් කළ්‍යාණ මිත්‍රයා පිරිනිවන්පෑවාය කියන කාරණය ඇසූ මට දිශාවක්‌ නොපෙනී ගියා. මට මොකුත්ම සිතාගන්න බැරිව ගියා. මාව අප්‍රානික වෙලා ගියා කියලා. ඇයි ආනන්ද ස්‌වාමීන්වහන්සේට…

Read More

සෝවාන් නොවූ සෑම පුද්ගලයෙකුටම මානසික ව්‍යාධියක්?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන් ඵලයට පත්නොවූ සෑම පින්වතෙක්ම, පින්වතියක්ම, කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. මෙම මානසික ව්‍යාධිය මානසික වෛද්‍ය මහත්මයෙක් මුණගැසී ප‍්‍රතිකාරගත යුතු මානසික ව්‍යාධියක් නොවේ, මෙම මානසික ව්‍යාධිය තෘෂ්ණාවේ තීව‍්‍රභාවය විසින් සකස් කොට දෙන සක්කායදිට්ටියේ මානසික ව්‍යාධියයි. මෙම මානසික ව්‍යාධියේ ප‍්‍රධානම රෝග ලක්‍ෂණ දෙකක් තිබෙනවා. එම රෝග ලක්‍ෂණ දෙක තමයි…

Read More

සියලුම යාගයන් අතරින් ශ්‍රේෂ්ඨම යාගය ශීලයේ යාගයයි.

පිංවත බොරුව මුල් බැසගත්ත සමාජයක, ඇත්ත මතුකොට ගැනීමට නම්, බොරුවට මෙත් වඩන්නම වෙනවා. පිංවත් ඔබ සමාජගතවෙන බොරුවට ද්වේශ කරලා, වෛර කරලා, සත්‍යය මතුකොට ගැනීමට යාමෙන් ඇතිවෙන අධර්මානුකූල ඵලය වෙන්නේ, සමාජගතවෙන කාය කර්ම සහ වචී කර්මයන් හේතුවෙන් පිංවත් ඔබ ඊට වඩා බලවත් මනෝ කර්මයන් ජීවිතයට එකතුකොට ගැනීම පමණක්මයි. පිංවත බොරුව ඉදිරියේ ඔබ මෙත් සිතින් සත්‍යවාදී වෙන්න….

Read More

ලෝකය යනු කුමක්දැයි ධර්මානුකූලව දැනගන්න.

මේ දිනවල මේ ප‍්‍රදේශයට හමන අකීකරු සුළඟ හරිම දඩබ්බරයි. සෑම දෙයක්ම ස්පර්ශ කොටගෙන එයා හමාගෙන යනවා. අජීවී වුණත් සුළඟ හරිම වාසනාවන්තයි. එයා හැමෝගේම ශරීරවල දැවටී ආශ්වාදය ලබනවා. සුළෙඟ් ආශ්වාදයට වශීවී, පිංවත් ඔබටත් සිතුනොත් අනේ මටත් සුළඟක් වෙන්න ඇත්නම් කියලා. පිංවත් ඔබලා ආදරය කරන කොට කියනවා නේද, සැබැවින්ම බැරිනම් සුළඟක් වී හෝ ඔබේ ගතේ දැවටෙන්නම් කියලා….

Read More

අනුන්ගේ වැරදිවලට විකල් නොවන්න.

පිංවත මනුෂ්‍ය ජීවිතවල ශීලය දුර්වලවෙත්දි, පිංවත් මනුෂ්‍ය සමාජයේ ඉන්ද්‍රීය සංවරභාවය දුර්වල වෙලා යනවා. ශීලය දුර්වලව යන සමාජයක මෛත්‍රිය ගැන කතා කරන්න කොහෙත්ම ඉඩක් නැහැ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීලයට ඉහළිනුයි මෛත්‍රිය පනවලා තිබෙන්නේ. සම්මා සංකප්පයන් වැඩුණොත් තමයි ශිල්වත්භාවය අර්ථවත් වෙන්නේ. පිංවත සමාජයක ශිල්වත්භාවයට වටිනාකමක් නොලැබීමෙන් එම සමාජය බවභෝග සම්පත් දුර්වල වී, බලවත් ආර්ථික අර්බුදයන් උත්සන්න…

Read More

අවුරුදු 120ක් වැඩසිටීමට හැකියාව තිබූ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිරිණිවන් පෑවේ ඇයි?

පිංවත් ඔබ භික්‍ෂුවගෙන් ප්‍රශ්ණයක්‌ විමසන්න පුළුවන් ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු අසූවේදී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්‌තිය දුර්වල නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80දී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ දුර්වලතාවයක්‌ නිසානොව උන්වහන්සේ බෝධිසත්ව අවධියේදී පිරූ ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්‌තියට වඩා අල්පායුෂයන්ට අදාළ අකුසල් සංස්‌කාර, බෝධිසත්ව ජීවිතය තුළින් සිදුවී තිබෙනවාය කියන කාරණයයි ධර්මානුකූලව අපිට දකින්න සිද්ධවෙන්නේ. කෙනෙකුගේ…

Read More

සංස්කාරයන්ට අනුව ජීවිතය නොදැක්කොත්… ?

පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව්…

Read More

බෞද්ධ පිංවතුන්ගේ ‘ජනප්‍රිය පැනය’.

වර්තමාන සමාජය තුළ බෞද්ධ ජනතාවට ගැටලුවක් තියෙනවා. ඒ තමයි මාංශ, නිර්මාංශ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය දැඩි දෘෂ්ඨියකට ගෙන සමහර පිංවතුන් තම මතයට විරුද්ධ කාණ්ඩයට එරෙහිව හැසිරෙනවා. කොහොම වුණත් සත්ව හිංසාවත්, සත්ව ඝාතනයත් නැවතිලා මස් අනුභවය නිසා සෑදෙන සමහරක් රෝගවලිනුත් තොරවෙලා, සමාජයේ මෛත්‍රී කරුණාව නිරෝගීභාවය පිරී ඉතිරී ගියොත් එය මොන තරම් සුන්දර දෙයක්ද? එවැනි පරිසරයකදී ඔබට වටලප්පමක්,කේක්…

Read More

පුංචි කුහුඹුවාගෙනුත් ඔබ ලොකු ආශ්‍රවයන් ඇතිකරගන්නවා ද?

මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්‌සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්‍ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්‍ෂක ක්‍රමවේදයක්‌ උපයෝගී කරගෙන මඟහැරයන්න. මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක්‌ පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්‍ෂිත උපක්‍රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන පිංවතුන්ලාට…

Read More

තණ්හාව අතහැරිය යුතු ජීවිතය.

පිංවත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය නමැති මුල් ගලෙන් ආරම්භ වන මේ උතුම් ධර්ම මාර්ගය චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් අවසන් වෙනවා. ආරම්භය තෘෂ්ණාව හේතුවෙන්ම සිදු වුණත්, අවසානය සිද්ධ වෙන්නේ තෘෂ්ණාවේ නිරෝධයෙන්මයි. පසුගිය දවසක මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමීන් වහන්ස, තෘෂ්ණාව දුකට හේතුව නම්, ඇයි අපි තෘෂ්ණාවෙන් පින් කරන්නේ කියලා. පිංවත, දුකට හේතුව තෘෂ්ණාව බව ඇත්ත. මේ ඇත්ත දැනගත් පමණින්, මේ…

Read More