තෘෂ්ණාවේ උපාදානයෝ හඹාගෙන දුවන ලෝකයේ ඔබ නවතින්න.

පින්වත, තවත් ලස්සන දවසකට හිරු උදා වෙලා. කැලෑ පරිසරයේ කුරුල්ලෝ තරගයට සින්දු කියනවා. පින්වත, ගොරහැඩි සංගීතය, ගොරහැඩි කටහඬවල්, අරුත් සුන් ගී පද කුරුළු සංගීතය තුළ නැහැ. පරිසරයේ ස්වාභාවික රිද්මයට තාලය අල්ලමින් ඒගොල්ලෝ සින්දු කියනවා. කුරුල්ලන්ගේ සින්දු ඇහෙද්දී, භික්ෂුවගේ ජීවිතයත් පරිසරයේ ම කොටසක් බවට පත් වෙලා. උදෑසන හිරු අවදි වෙන පරිසරයේ රිද්මයට, ස්වභාව ධර්මය ළයාන්විතව සින්දු…

Read More

සිල්පද ආරක්ෂා කරගන්න.

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩසිටින කඳු මුඳුනේ කුටියට වැව් පිටිය හොඳට පෙනෙනවා. මේ වෙලාවේ මීහරක්‌ 75 ක පමණ රංචුවක්‌ තණ උලා කනවා. වැවේ සිටින කිඹුලා ජලයෙන් මතුවෙලා යටයන නිසා වැව් දියට බැසීමට බයෙන් වතුර එකතුවී ඇති කුඩා දිය කඩිති වල සමහර සතුන් විවේක ගන්නවා. මේ සත්තු රැළ භික්‍ෂුවට පෙනෙන්නේ මාරසේනාවක්‌ හැටියට. නමුත් මේ මීහරක්‌…

Read More

තොරණින් එහා වෙසක් අදහසක්.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…

Read More

ලෝකය අවබෝධ කරගැනීමේ මඟ.

(පිංවත් ස්වාමීන් වහන්සේ විසින් කොරෝනා දෙවැනි රැල්ලට පෙර පළ කිරීම සඳහා යොමු කරනු ලැබූ ලිපියකි.) පිංවත් මහත්මයෙක් ප‍්‍රශ්නයක් යොමුකරලා තිබෙනවා, ස්වාමීන් වහන්ස, මට නිතර ම රාත‍්‍රි නින්දේදී සිහින පෙනෙනවා. මට දැන් මේ සිහින පෙනීම වධයක් වෙලා තිබෙන්නේ. මම කොහොමද සිහින පෙනීම නවත්වා ගන්නෙ කියලා. අපි රාත‍්‍රියට සුවසේ නිදාගත්තත් කෙලෙස් නිදාගෙන නැහැ. පිංවත් ඔබ දෑස් නිදාගත්තත්,…

Read More

බිඳුණ සිල් පදයක්, සිදුවුණා වූ අකුසලයක් නිතර නිතර සිහිපත් වෙනවා ද?

එය දුර්වල කර ගන්න දරුවෝ හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමා කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුළින් යටපත් කරල දාන්න. වයෝවෘද්ධ නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ලා මට කිව්වා “ස්වාමීන් වහන්ස අපි තරුණ කාලයේ අපි අතින් ගබ්සාවක් සිද්ධ වුණා. ඒ කාලයේ අපි ධර්මය දන්නේ නැහැ. නමුත් දැන් අපි ධර්මය දන්නවා. දැන් අපිට මේක හරිම පීඩනයක්” කියලා. මම…

Read More

මුතුකුඩ පුජාවේ අනුසස්.

ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය. (අපදාන පාලි 293 වන අපදානය) ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ…

Read More

හිංසාවෙන් විමුක්තිය සොයන මිනිස්සු, සුගතියෙන් ඈතට යනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දිනක් මහා සංඝරත්නය පිරිවරාගෙන මගධ ජනපදයේ චාරිකාවේ වඩිනවා. මගධ ජනපදයේ බොහෝම මහේශාක්‍ය ලෙස ජීවත්වෙන කූටදන්ත බ්‍රාහ්මණයා මේ දිනවල විශාල යාගයකට සූදානම් වෙමිනුයි හිටියේ. මෙම කූටදන්ත බ්‍රාහ්මණයාට අයත් උයනේ ලොකු ගවයන් 700ක්, ගොන් නාම්බන් 700ක්, තරුණ වැස්සියන් 700ක් එළුවන් 700ක් බැටළුවන් 700ක් යාගය සඳහා කණුවල ගැටගසා තිබුණා. ඒ කියන්නේ සතුන් 3500ක් යාගය සඳහා…

Read More

ප්‍රීතිය යනු ආස්වාදය නොවේ.

පින්වත, දුරුත්තේ ශීතල නම් හරිම අකීකරුයි. උදෑසන කුටියේ දොර විවෘත කොට ගෙන මිදුලට බසිද්දී, පරිසරය ම වායුසමීකරණය කරලා වගේ මයි. එක ම මිම්මකට, එක ම රිද්මයකට පරිසරය පුරා ම ශීතල පැතිරිලා. පින්වත, පරිසරය තුළ මොනතරම් නම් නිසල සහ සසල සතර මහා ධාතුවේ ශක්තියක් තිබෙනවා ද? පින්වත, පරිසරය තුළ ක්‍රියාත්මක වන මෙම ශක්තිය, විශ්ව ශක්තියක් හැටියට…

Read More

මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි.

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උපසම්පදා විනය කර්මයට සහභාගීවී පැමිණි පසු ආරණ්‍යයේ වැඩ සිටි සාමනේර හිමිනමක්‌ විමසුවා ‘ඔබ වහන්සේ ඊයේ උපසම්පදා වුණානේ. දැන් ඔබ වහන්සේ ලොක්‌කෙක්‌ නේද?’ කියලා. ඒ දරුවා උපසම්පදාව කියන අර්ථය දුටු චිත්‍රයයි ඒ ප්‍රකාශකළේ. ඒ මොහොතේ භික්‍ෂුව කිව්වේ ‘දරුවෝ, උපසම්පදා පිංකමෙන් පස්‌සේ මම තව කුඩා වුණා’ ය කියලයි. සරළ වුණාය කියලයි. නිහතමානී වුණාය කියලයි….

Read More

ඒවා ඒවායේ ස්වාභාවයෙන් තිබිණා, භික්ෂුව භික්ෂූවගේ ස්වාභාවයෙන් සිටියා.

භික්‍ෂුවට මතකයි සාමනේර අවධියේදී වරක්‌ ගම්මානයට පිණ්‌ඩපාතය වැඩිය. එය දුෂ්කර ගම්මානයක්‌. බතුයි එළවළුයි පමණයි දානයට ලැබෙන්නේ. පැණි රසක්‌ පලතුරක්‌ ලැබුණේම නැහැ. එදා එක අම්මා කෙනෙක්‌ පාත්‍රයට කේක්‌ කැබැල්ලක්‌ පුජාකළා. භික්‍ෂුව පාත්‍රය උරහිසේ එල්ලාගෙන කැලය මැදින් කුටියට වඩින විට එකපාරටම පාත්‍රයේ තිබෙන කේක්‌ කැබැල්ල මතක්‌වෙලා කෙළ ගිළුණා. භික්‍ෂුව කැලයේ මැද නැවතුනා. පාත්‍රය ඇරියා කේක්‌ කැබැල්ල අරගෙන…

Read More