වෘක්ෂ ලතා සත්ත්වයෝ ද?
තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී විසූ ඇතැම් මනුෂ්‍යයන් වස්සාන සෘතුවෙහි තණකොළ පාගමින් ඇවිදින භික්ෂූන්ට “කථං හි නාම සමණා සක්‍යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා එකින්ද්‍රියං ජීවං විහෙඨෙන්තා බහූ ඛුද්දකෙ පාණෙ සංඝාතං ආපාදෙන්තා” යි මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ හේමන්තයෙහි ද ග්‍රීෂ්මයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්ද්‍රිය ප්‍රාණීන්ට හිංසා කරමින් බොහෝ කුඩා ප්‍රාණීන්…