භික්ෂූන් වහන්සේගේ ඥාතීත්වය හඳුනා ගන්න.

මේ දවස්‌වල භික්‍ෂුව පිණ්‌ඩපාතයේ වඩින ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්‌කරණය කරනවා. මාර්ගය දිගටම ගල් කැබලි සහ ලී කුඩු අතුරලා. භික්‍ෂුව මාර්ගය දිගේ පිණ්‌ඩපාතයේ වඩින විට භික්‍ෂුව පසුකරගෙන බස්‌ රථයක්‌ වේගයෙන් ගමන් කළා. බස්‌ රථයේ වේගයට මුළු මාර්ගයම ගල් කුඩු දුහුවිල්ලෙන් වැසීගියා. භික්‍ෂුවට සිදුවුණා විනාඩියක්‌ පමණ එකතැන නැවතී දෑස්‌පියාගෙන සිටින්න. එම බස්‌රථයේ රියදුරු මහතා තුළ අශ්‍රද්ධාවට අදාළව සකස්‌වුණ…

Read More

අතීත අකුසල් විපාක දෙද් දී, ධර්මයට අනුවම සිතන්න.

පිංවත් ඔබ ඇත්තටම ලෝකයට ආදරය කරනවාද, එසේත් නැතිනම් ද්වේශකරනවාද. පිංවත් ඔබ සතුටින් පිළිතුරුදේවි, ඔබ ලෝකයට ආදරය කරනවාය කියලා. නමුත් ඒ සතුට, සැපය පිණිස හේතුවෙන සතුටක් නම් නොවේ, මෙය සටහන් තබන භික්ෂුව, ගිහි ජීවිතයේදී ලෝකයට ගොඩාක් ආදරය කළා. ලෝකය මමය කියලා දැක්කා, ලෝකය මගේය කියලා දැක්කා. ලෝකය තුළ මම සිටිනවාය කියලා දැක්කා. ලෝකය මොනතරම් මගේ කොටගෙන,…

Read More

බුදු ගුණ මෙනෙහි කිරිමේ අනුසස්

බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත් වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේ.එයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවන්ත පුද්ගලයෙක් වේ.එබැවින් බුද්ධානුස්සතිය වඩන පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද, ගිහියෙක් නම් ගිහියෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ. මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමඟ විසීමක් වැනිය.එබැවින් ඔහුගේ සිත…

Read More

පිණ්ඩපාත දානය පූජා කිරීමේ පුණ්‍ය විපාක.

“ඒක පිණ්ඩපාත දායිකා” තෙරණින් වහන්සේ එක් භවයකදී පිණ්ඩපාත දානයක් පූජා කර තිබුණි. අතීත භවයන් වලදී බුදු පියාණන් වහන්සේලා මුණ ගැසෙමින් නිවන් දකින්නට බොහෝ පිංකම් රැස්කර ගනිමින් අ මෙම තෙරණින් වහන්සේ බන්‍ධුමතී නුවර උපත ලැබුවා ය. තරුණ වයසේදී එහි සිටි බන්‍ධුමත් නම් රජුගේ බිරිඳ වූවාය. හැම සම්පතක්ම විඳිමින් සිටිය දී මෙතුමිය දිනක් මෙසේ කල්පනා කළා ය….

Read More

තෘෂ්ණාව දන් දී, ආහාර පමණක් භුක්ති විඳින්න. – සබ්භාසව සූත්‍රය.

මීළඟට සබ්බාවශ්‍රව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන් කියලා. කුමක්‌ද ඔබ ප්‍රත්‍යාවේක්‍ෂා කරන්නේ. ඔබ ගන්නා වූ ආහාරය, ඇඳුම් පැළඳුම්, ඖෂධ, නිවාස හෝ කුටිය. මේවා පරිහරණය කිරීමේදී සිහිනුවණින් පරිහරණය කරනවා. ආහාරයක්‌, ගිලන්පසක්‌, ඖෂධයක්‌, නිවාස පරිහරණය කිරීමේදී මේවා කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකොට ගතහොත්, ඒවා කෙරෙහි සුබ නිත්‍ය සංඥාවන් ඇතිකොට ගතහොත් ඔබ තුළ නැති ආශ්‍රවයන්…

Read More

හේතුඵල දහම යළි යළිත් මෙනෙහි කරවන විවාහ දිවියක තරම.

මිනිසා උපදිමින් මියයමින් ගමන් ගන්නා මේ සසර දිගුය. බියකරුය. ඉන් අත්මිදීම එතරම් පහසු නැත. සසරෙන් මිදුණා වූ යමකු වේද හෙතෙම පින්වන්තය. දුර්ලභ මිනිසත් බවක් ලැබූ අප ද පින්වන්තය. එහෙත් ඒ පින්සාර බවට වටිනාකමක් ලබාදිය හැකි වන්නේ සසර හරි හැටි අවබෝධකර ගත්තෙකුටය. බලන්න, අද විවාහක අයගෙන් කීයෙන් කීදෙනාද සතුටින් සෙනෙසින් කාලය ගත කරන්නේ. බිරිය සැමියා අතර…

Read More

පිරිත් පොත.

ගිහි – පැවිදි කාහට වුවද, තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට, අපල උපද්‍රව, ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂවලින් මිදීමට පිරිත් ගැන විශාල විශ්වාසයක්‌ තිබෙනවා. ඒ විශ්වාසය නිවැරැදිය. ප්‍රතිඵලදායකය. නමුත් පිරිතේ සැබෑ ශක්‌තිය, සැබෑ ප්‍රතිඵලය තිබෙන්නේ සජ්ජායනය හෝ ශ්‍රවණය කිරීම තුළ නොවේ. වර්තමාන සමාජය තුළ පිරිතේ යෙදීම ඉහත කරුණු දෙකට සීමා වන බවක්‌ පෙනෙන්නට තිබේ. පිරිතේ අර්ථය ජීවිතය…

Read More

දැවෙන සමක් – නිවෙන මඟක්.

ඔබගේ සම කියන්නෙ මොනතරම් සුන්දර ලස්‌සන දෙයක්‌ද. සත්වයා තුළ තමාගේ අශ්වාදය උදෙසා ඉතා සංවේදී “මෙවලමක්‌” සම. දේශගුණික කලාපයන් අනුව සමේ පැහැය වෙනස්‌ වෙනවා. සමහරුන්ගේ සම සුදුයි, රතුපාටයි, කහ පාටයි, රෝස පාටයි, කළු පාටයි, තළෙළුයි. මේ විවිධ වර්ගයෙන් යුත් සම ප්‍රභාෂ්වරව පවතින්නේ තරුණ කාලයේදිමයි. අපි සම දකින්නේ සම හැටියටමයි. ඉන් එහා දැක්‌මක්‌ අපට නැහැ. මගේ සම…

Read More

විද්‍යාවෙන් නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව.

භික්‍ෂුවක්‌ එක්‌තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක්‌ දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්‍ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම. පිංවත් ඔබ මවකට දරුවෙක්‌ බිහිවන හැටි, තිරිසන් සතෙක්‌ විසින් පැටවෙක්‌ බිහිකරන සැටි. කිකිළියෙක්‌ බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්‌වීම සඳහා මුල්…

Read More

සුන්දර හේතුඵල ධර්මය.

පින්වත, සමාජ අසාධාරණය ඉදිරියේ ඔබ නිහඬ වුණොත්, ඔබේ නිදහසට විලංගු වැටෙනවා. පින්වත සමාජ අසාධාරණය ඉදිරියේ ඔබ ආවේගශීලී වුණොත් ඔබ තුළ වැඩෙන දශ අකුසල් නිසාම, ඔබගේ කුසල් යටපත් වී තිබෙන නිදහසත් අහිමිකොට ගන්නවා. පින්වත ආවේගශීලීභාවයමයි නැවතත් ඔබේ නිදහසට විලංගු වැටෙන නිහඬතාවයකට අත්පැන් වත් කරන්නේ. පින්වත අවිද්‍යාවේ ජවයෙන් ලෝකය, ලෝකයට සුපුරුදු ගමනක් යන්නේ. පින්වත ලෝකය වෙනස් කරන්න…

Read More