තාක්ෂණයට නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව.

භික්‍ෂුවක්‌ එක්‌තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක්‌ දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්‍ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම. පිංවත් ඔබ මවකට දරුවෙක්‌ බිහිවන හැටි, තිරිසන් සතෙක්‌ විසින් පැටවෙක්‌ බිහිකරන සැටි. කිකිළියෙක්‌ බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්‌වීම සඳහා මුල්…

Read More

චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥා විශුද්ධියෙන් දුර්වල නම්.

සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා, ඒ අය හොඳින් සිල්පද පහ ආරක්ෂා කරනවා. නමුත් මේ අය ප්‍රකාශ කරන්නේ, අපට නො පෙනෙන අනෙක් ග්‍රහලෝකවල මේ මොහොතේත් බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිනවා කියලා, මේ මොහොතේත් කොහේ හෝ ග්‍රහලෝකයක බුදුරජාණන් වහන්සේ නමක් සද්ධර්මය දේශනා කරනවා කියලා, අපි සියලු දෙනා ම යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා ය කියලා, ඒ නිසා…

Read More

තොරණින් එහා වෙසක් අදහසක්.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…

Read More

“දානය වැරදිලාවත් අපේ ගෙදරට ආවොත් බල්ලා ලිහනවා…”

තවත් වරක් භික්ෂුව ගම්මානයක ජීවත්වෙනකොට එම ගමේ අතීතයේ සිට සකස්කොට තිබු දානය ලබාගැනීමේ ක්‍රමයේදී ගමේ හැමෝටම දානය දීමේ අවස්ථාව ලැබී තිබුණේ නැහැ. එම නිසාම දානය නොමැති පිංවතුන්ලා අමනාපයෙන් සිටියේ. ගම්වල පැවතෙන සම්ප්‍රදාය වෙනස් කරන්න අපි යන්නේ නැහැ. තිබෙන ක්‍රමය තුළ හැකිනම් ගමේ ඉන්නවා. එම ක්‍රමය ගැටළු සහගත නම් ගමෙන් පිටවී යනවා. දවසන් එම ගමේ පිණ්ඩපාතයේ…

Read More

සිංහල තේරුම සහිත රතන සූත්‍ර‍ය.

යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තිලික්ඛෙ සබ්බේව භූතා සුමනා භවන්තු අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං තස්මා හි නේ රක්ඛත අප්පමත්තා. මේ දේවාරාධනාවයි. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගේසු වා යං රතනං පණීතං න නෝ සමං අත්ථි…

Read More

මිනිසා හඳුනා ගනිමු..

සීලාචාර බවක් පෙන්වන මිනිසා තවත් වරෙක අසීලාචාර ලෙස හැසිරෙයි. මිතුරු ස්වභාවයක් පෙන්වමින් පරම හතුරෙකු ලෙස කටයුතු කරයි. එබැවින් මිනිසා විශ්වාසය තැබිය හැකි කෙනෙකු නොවන බව ඔහු කියයි. බුදුරජාණන් වහන්සේ පෙස්සගේ අදහස අනුමත කරති. කෙනෙකු සීලාචාරදැ යි හඳුනා ගතයුතු නම් කළයුත්තේ දිගු කලක් ඉතා සමීපව ඇසුරු කළයුතු බවයි පසේනදී කොසොල් රජතුමා දිනක් රාජකාරි ගමනක් යාමට සැරැසුණි….

Read More

ගස්‌ නගින දෙවියකු වී කුමට…..?

භික්‍ෂුවට පසුගිය කාලවකවානුවේදී අවස්‌ථා කිහිපයකදීම පිංවතුන් තම නිවසේ, විහාරස්‌ථානයේ පැවති පිංකම්වලදී ලබාගත් ඡයාරූපවල දිව්‍ය ආලෝකයන් තිබෙන බව ප්‍රකාශ කළා. එම ඡයාරූප ගෙනත් පෙන්වුවා. ඇත්තටම ඒවා දිව්‍ය ආලෝක ද කියන්න භික්‍ෂුව දන්නෙ නැහැ. යම් පිංවතෙක්‌ එම ආලෝක නියත වශයෙන්ම දිව්‍ය ආලෝකයක්‌ය කියලා හිතලා ඒ තුළින් සතුටට පත්වෙනවා නම් තව තව පිංකම් කරගැනීමට, සිදු කරගැනීමට යොමු වෙනවා…

Read More

උදෑසන පටන් ගිනි ගන්නා ජීවිත.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා යම් පිංවතෙක් කුසල් සහ අකුසල් සංස්කාරයන් වෙන් වශයෙන් දනී ද මේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ හටගැනීම වන අවිද්‍යාව දනී ද මේ සංස්කාරයන්ගේ නිරෝධය දනී ද මේ සංස්කාරයන් නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී ද මේ දැක්ම එම පිංවතාගේ මාර්ග ඥානයයි කියලා. මේ මාර්ග ඥානය භවය උදෙසා නොව භව නිරෝධය උදෙසා…

Read More

විඳීම් සොයා අයාලේ යන සිතක රස්තියාදුව.

දැන් වේලාව සවස 5.30 ට පමණ ඇති, කුටිය අවට පරිසරය හරිම නිහඬයි. දවසේ අවසාන ආහාර වේල සොයමින් කිචි බිචි ගාන කුරුල්ලන්ගේ නාදය, ඇසී නෑසී යනවා. සුළග වේගයෙන් හමාගෙන ඇවිත්, නැවතත් නවතිනවා. සෑම දෙයක්ම නිරතුරුවම වෙනස් වෙනවා. අපි කැමැති අකැමැති දෙයක්, වෙනස් වී යනකොට අපි අලූත් දෙයක් සොයනවා. ඒ සොයාගත් දෙයත් වෙනස් වෙන දෙයක්මයි. අවසානයේ වෙනස්…

Read More

අටලෝ දහම ලෝකයේ සැබෑ හැඩරුවයි.

පින්වත, අවිද්‍යාවේ මහ ගෙදර පංච නීවරණයෝ නිසා ම, කාමච්ඡන්දයෝ වැඩි වෙද්දී, සද්ධර්මයට අදාළ යහපත් පුරුදු අපිට අමතක වෙලා යන්න පුළුවන්. පින්වත, කාමච්ඡන්දයෝ නිවෙන, සංසිඳෙන, උපේක්‍ෂාසහගත වෙන සිතුවිලිවලට ප්‍රිය නැහැ. පින්වත, කාමච්ඡන්දයෝ කැමති ආස්වාදයෙන් ඇවිළෙන සිතුවිලිවලට. පින්වත, ඔබේ ඵස්සය තෘෂ්ණාවෙන් ආරක්‍ෂා කොට ගන්න. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයට එරෙහිව මෙහෙයවන, අවිද්‍යාවේ මුල් ම ප්‍රහාරක බල ඇණිය, ඵස්සය…

Read More