සංස්කාරස්කන්ධය.

රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන ස්කන්ධ පඤ්චකය උපදවා ගැනීම සඳහා ද, පවත්වා ගැනීම සඳහා ද සත්ත්වයන් විසින් කරන්නා වූ කෑම් – බීම් – නෑම් – ඉඳුම් – හිටුම් – යෑම් – නිදීම් ආදි අනේක ප්‍ර‍කාර ක්‍රියාවන් සිදු කරන්නා වූ චේතනාව ප්‍ර‍ධාන කොට ඇති චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්ධය යි කියනු ලැබේ. චේතනාව විසින් අවශේෂ චෛතසිකයන්…

Read More

බුදුවරු පහළවන වෙනත් ලෝක තිබෙනවාද ස්වාමීන් වහන්ස?

නෑ. මෙහෙමයි දරුවෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍රගත ධර්මයන්ට අනුව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ දඹදිව කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මම හිතන්නේ ඔතනින් එහාට අපි යා යුතු නැහැ. ඔතනින් එහාට ගියොත් අපි බරපතළ වූ දෘෂ්ටීන්වලට පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද ඔය සමහර මහායානික ධර්මයන් ප්‍රකාශ කරනවා තවත් සක්වල වල අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා…

Read More

අතපසු කරගන්න එපා.

භික්‍ෂුව ගිහිකාලයේ ඇසුරුකරපු සමාජය, භික්‍ෂුවට ආදරය කරපු සමාජය, භික්‍ෂුවට කමටහනක්‌ වු සමාජය තවමත් ඒ විදිහටම තිබෙනවා. ඥාතියා, අසල්වැසියා, හිතවතා, පන්සල, ගම, නගරය තවමත් ඒ විදිහට තිබෙනවා. නමුත් ඒ සමාජය නිසා භික්‍ෂුව තුළ වර්තමානයේ තෘෂ්ණාවෙන් බැඳීමක්‌ සකස්‌වන්නේ නැහැ. සිත හිස්‌වයි පවතින්නේ. ලස්‌සන අවලස්‌සන තවමත් ලෝකයේ තිබෙනවා. නමුත් සිත හිස්‌වෙලා. සිත හිස්‌වුන තැනදී ලෝකය හිස්‌ දෙයක්‌ බවටයි…

Read More

කුඩා වරදේත් බිය දකින්න.

පින්වත, සැප අහිමි, දුකට බර ජීවිත මොනතරම් නම් සමාජය තුළ තිබෙනවා ද? පින්වත, මාසික වැටුපෙන් පමණක් අඹුදරුවන් පෝෂණය කර ගෙන ජීවත් වන දෙමාපියන්, ලෝකයාට හොරා අත්විඳින මානසික පීඩනය කවදාහරි දවසක අවසන් කරන්නේ රජයේ රෝහලක ඇඳක් මත නේද? පින්වත, පණ යන මොහොතේ දරුවෙක්වත් ළඟපාතක නැහැ. ජීවිතය පුරා ම අඹුදරුවන් වෙනුවෙන් දුක් විඳලා කාටවත් ම නොකියා ම…

Read More

සැකය.

සැකය ඇතිවත් බැරි, නැතිවත් බැරි දෙයක්. නමුත් ශිල්වතුන් සැකකිරීම සංසාරයේ අන්ධභාවය, ගොළුභාවය, බිහිරිභාවය, ලැබීමට හේතු වන්න පුළුවන්. ඒ වගෙමයි ශිල්වතුන් සැකකිරීමෙන් යම් දවසක සංසාර භවයේදී දෙතිස්මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපුර්ණ වූ බුදුරජානන්වහන්සේ මුණගැසුනද උන්වහන්සේව සැක කරන තැනට අපිව පත් කරන්න පුළුවන්. ඒ නිසා සැකය ඉදිරියේ හොදින් පරික්ෂාකරිවෙන්න. බුදුරජාණන්වහන්සේගේ උපස්ථායක වශයෙන් කටයුතුකල සුනක්ඛත්ත හාමුදුරුවෝ බුදුරජාණන්වහන්සේව සැක කලා. කෝකාලිත…

Read More

දිනකට අවම වශයෙන් අකුසල සිත් පහක් දුරු කරන්න.

මීළඟට සබ්භාසව සූත්‍රයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුරු කිරීමෙන් ප්‍රහානය කළ යුතු ආස්‍රවයන් ගැන. මොනවද පිංවත් ඔබ දුරු කළයුත්තේ. නිරතුරුවම ඔබ තුළ සකස්‌වෙන කාම විතර්කයන්, කාමයේ ආදීනවයන් දැකල දුරුකරන්න ඕන. ලෝභ, ද්වේශ, මෝහ අකුසල මූලයන්ට අදාළ විතර්කයන් ඒවායේ ආදීනවයන් දැකලා දුරුකරනවා. භික්‍ෂුව මුණගැසුණු මහත්මයෙක්‌ ප්‍රකාශ කළේ සත්ත්වයින්ගේ ඕපපාතික උපතක්‌ නැහැයි කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට…

Read More

සහස්සී, දසසහස්සී ලෝක ධාතුවල වෙසෙන ජිවීන් සම්‍යදෘෂ්ටික ද?

ප්‍රශ්නය :- ගෞරවණීය ස්වාමින්වහන්ස, වෙනත් ග්‍රහලෝකවල ජීවින් සිටින බවට සාක්ෂි තිබෙනවාද, ඒක සත්‍යයක්ද, ඒවගේම ඒ අයගෙන් මනුලොව මිනිස්සුන්ට තර්ජනයක් තියෙනවද, මේ ග්‍රහලෝකවල ජීවත්වෙනවායයි කියන ජීවින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද….? පිළිතුර :- බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවින් ඉන්නවා කියලා නම් කියන්න මම දන්නේ නැහැ. දිව්‍යතල බ්‍රහ්මතලවල හැරුණුකොට, වෙනයම් තියෙන්නාවූ ග්‍රහලෝක හරි, කොහේ හරි, බුදුරජාණන් වහන්සේ…

Read More

බොරුව කෙරෙහි වෛර කර කිසිදිනක සත්‍යය දිනවිය නොහැක.

දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමතියි. භික්‍ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මොහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා “අනේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා” කියල. භික්‍ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප්‍රකාශ කළේ, “එසේම වේවා මෑණියෝ” කියල. භික්‍ෂුව එහෙම ප්‍රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්‍ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි…

Read More

කොරෝනාව ඇසුරින් මරණ කර්මය තේරුම් ගැනීම!

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙනවාය කියන අර්ථයයි කියලා. රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. කොරෝනාවේ නාමයෙන් අපි මේ ඒහිපස්සිකව අත්දකින්නේ, ලෝකය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින ස්වභාවයම නේද? කොරෝනා අකුසලය හේතුවෙන් සතර මහා ධාතුවෙන් සැදුන මනුෂ්‍ය රූප කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් තිබෙන අපූරුව අසල්වැසි ඉන්දියාව…

Read More

මට ලෝභ, ද්වේශ, මෝහ සිතක් ඇති නොවේවා..!

පිංවතියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළා “ස්‌වාමීන් වහන්ස, මම දිනකට සිය වතාවක්‌ ඉතිපිසෝ භගවා පාඨය සිහිපත් කරනවා. දැනට සිහිපත්කොට ඇති වාර ගණන පනස්‌ දහසකට වැඩියි” යැයි ප්‍රකාශ කළා. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ “එය බොහොම වටිනවා. ඔබ මෙනෙහි කරන්නේ බුදුරජානන් වහන්සේගේ උතුම් ගුණයක්‌. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයක්‌ යමෙක්‌ එක මොහොතක්‌ නමුත් සිහිපත් කරනවා නම්, එය තමාගේ සැපය සඳහාමයි…

Read More