ධර්මය තුළින් ධර්මය දකින කළ එහි කොහිද වෙහෙසක්.

සංඝානුස්සතිය – 9. දුක නිමා කරන ආර්ය මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ග යේ සෘජුව ම ගමන් කරන නිසාම සංඝරත්නය ‘උජුපටිපන්න’ ගුණයෙන් යුක් ත වෙනවා. බාහිර මාර්ගවල ගමන් කරන්නේ නැහැ. අතීතයේ දෘෂ්ඨීන් හැට දෙකකින් පෝෂණය වුණ මිච්ඡා මාර්ග හැට දෙකක් ලෝකයේ තිබුණා. බුදුරජාණන් වහන්සේ නැමති ශ්‍රේෂ්ඨ කල්‍යාණ මිත‍්‍රයා, ධර්මරත්නය නමැති කල්‍යාණ මිත‍්‍රයා විසින් පෙන්වා වදාළ එම…

Read More

අතීත විඳීම්වල අනිත්‍යභාවය නුවණින් දකිමින් වර්ථමානයේ විඳීම්වලට තෘෂ්ණාවෙන් නොබැඳීම.

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. මේ ජීවිතයේදී පිංවත් ඔබ ඔය ඇස්‌දෙකෙන් මුලින්ම දැක්‌කේ අම්මා කියන රූපයයි. ඒ අම්මා නිසා පිංවත් ඔබ මොනතරම් විඳීම් සකස්‌කරගන්නට ඇතිද? අම්මාගේ ආදරයට, අම්මාගේ කිරි සුවඳට,…

Read More

මාංශයට ඇලී, මාංශයට ගැටී තවත් මස්‌ ගොඩක්‌ දරාගෙනම ඉපදෙමු ද?

මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය. මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න…

Read More

ප්‍රඥාවේ ඇසින් අත්දුටු ලොව්තුරා ධර්මයේ ආශ්චර්ය.

මේ ලොව්තුරා අසිරිමත් ධර්මය පිංවත් ඔබට ලෝකය විනිවිද දැකිය හැකි ධර්මයක්‌. එලෙස ලෝකය විනිවිද දකින්නේ විද්‍යාගාර, පර්යේෂණාගාර තුළදී නොව, පංචනීවරණයන් යටපත් වූ ඔබගේ ප්‍රභාෂ්වර සිත තුළින්මය. මස්‌ ඇසෙන් දකිනා ලෝකය මෝහයයි. ප්‍රඥාවේ ඇසින් දකිනා ලෝකය යථාර්ථයයි. ශීලයේත් සමාධියේත් ඵලයෙන් උපදින ප්‍රඥාවේ ඇස, මංමුලා වූ ලෝකයෙන් ඔබ්බට භව නිරෝධය දෙසට පාර පෙන්වන ආලෝකයයි. භික්‍ෂුව සමාධියෙන් පසුවන…

Read More

අටුවා රසකතා – කසාවත පෙරෙවි කාන්තාව.

කාල දීඝවාපී විහාරයෙහි නාහිමියෝ එක්තරා තරුණ භික්ෂු නමකට උගන්වන්නට එකඟ වූයේ ඔහු ගමෙහි නොගැවසෙන බවට පොරොන්දු කරවා ගැනීමෙන් පසුව ය. තම ශිෂ්‍යයා ගමෙහි ගැවසෙන්නට ගියොත් වරදට පෙළෙඹෙතියි ඒ හිමියෝ කල්පනා කළහ. තම ආචාර්යපාදයන් වහන්සේ තමාට ගම්මැද්දට යන්නට තහනම් කළේ මන්දැයි දැන ගැනීමට මේ තරුණ භික්ෂු නමට අවශ්‍ය විය. ඒ නිසා දවසේ ඉගෙනීම අවසන් කොට පෙරලා…

Read More

දුක සැප පෙරළෙන සංස්කාර.

වැස්‌ස බොහෝම හයියෙන් වහිනවා. තුන් බිත්ති කුටියේ ඉදිරිපස එල්ලා ඇති පැරණි සිව්ර අතරින් මීදුමත්, වහලයේ කුමේරය අතරින් වැහි බිඳුත් කුටියට වැටෙනවා. පරිසරය මීදුමින් වැසිලා. හැබැයි සුළඟ තවම නැහැ. වෙලාව පස්‌වරු 5.30 යි. දියසීරාව නිසා කුටියේ බිම සිමෙන්තිය තෙත්වෙලා. පාවහන්වලින් තොර නිර්වස්‌ත්‍ර දෙපා, තෙතබරිත සිමෙන්ති පොළොවේ ගැටෙන විට සීතලක්‌ දැනෙනවා. මේ වැස්‌ස, සීතල, දියසීරාව, මීදුම හරිම…

Read More

කායානුපස්සනාවේ අරුත නොදැක්කහොත් අපත් තිරිසන් සත්ත්වයාත් එකම තැනකය.

කායානුපස්‌සනාව – 03. කායානුපස්‌සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවය වැඩීම නිසාම පිංවත් ඔබ අත්දකින අනිත්‍යභාවය කෙරෙහි සියුම් ආශ්වාදයක්‌ ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන රූපය කෙරෙහි අසුබ, පිළිකුල් සිත්ද අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වියයුතුයි. ඒ විතරක්‌ නෙවෙයි අනිත්‍ය…

Read More

දීර්ඝායුෂ ලබන්න…

දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමැතියි, භික්‍ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මෙහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා ‘‘අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා’’ කියලා. භික්‍ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප‍්‍රකාශ කළේ. එසේම වේවා මෑණියෝ කියලා. භික්‍ෂුව එහෙම ප‍්‍රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්‍ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි…

Read More

බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස.

තෙරුවන් සරණයි… මේ බුද්ධානුස්සතිය වැඩීමේ ආනිසංස රාශියක් තියෙනවා. එකක් තමයි අර සුප්ප බුද්ධං පබුජ්ජංති ආදී ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් සැපසේ නින්ද යනවා. බොහෝම සැපසේ නින්ද යනවා. සැපසේම අවදි වෙන්නත් හැකි වෙනවා. නපුරු සිහින නොදකින්නෙක් වෙනවා. කවදාක්වත් සිහිනෙකින්වත් බයක් තැතිගැනිල්ලක් ඇති වෙන්නේම නෑ. ඒ වගේම සිහිනෙකින්වත් අකුසල සිතිවිල්ලක් වත් පහළ වෙන්නේ නෑ. ඒ වගේම තමන්ගේ ඒ…

Read More

ධර්මය කියන්නේ අනිත්‍යයි.

භික්‍ෂුව මේ ලිපිය ලියන මොහොතේ වැඩසිටින්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කැලෑබද ආරණ්‍යයක. විශාල කඳුවැටි කිහිපයකින් වටව ඇති රමණිය බිමක්‌. උස්‌ ගල් කන්දේ නැගෙනහිරට මුහුණලා භික්‍ෂුව වැඩසිටින කුටිය තිබෙන්නේ. කඳුමුදුනේ සිට බලනකොට කඳුපාමුල දර්ශනීය වැව, අතුරු කඳුවැටි, කුඹුරුයාය, අක්‌කර දසදහස්‌ ගණනක විහිදුන වනපෙත, පක්‌ෂීන්, වන සතුන් සැබෑම ආරණ්‍යයක ලක්‍ෂණ සියල්ලම මෙහි තිබෙනවා. භික්‍ෂුව මේ ආසනය මත වාඩිවෙලා මේ…

Read More