බලාපොරොත්තු යනු මිච්ඡා ධර්මයකි.

පින්වත, උතුම් පංචශීලයේ දෙවැනි සිල් පදය බවට පත් වෙන්නේ “අන්සතු දෙය සොරකම් කිරීමෙන් වළකිමි” කියන සිල් පදයයි. පින්වත, මේ ලෝක ධාතුවේ බලවත් ම සොරකම බවට පත් වෙන්නේ බෝධිසත්ත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ දසදහස් ගණනක් පටිච්චසමුප්පන්නව තම ඇස්, මස්, හිස්, රුධිරය දන් දීමෙන්, සක්විති රජකම්, රජකම්, සිටුකම්, අඹුදරුවන් දන් දීමෙන් අවබෝධ කොට වදාළ, සම්මා සම්බුද්ධ ඥානයෙන්…

Read More

පුණ්ණ දුගියා සිටුවරයකු වීම.

රහතන් වහන්සේගේ අග්‍ර දක්ෂිණාර්භ භාවයට පුණ්ණ සිටුගේ කථාව නිදසුනකි. රජගහ නුවර සුමන සිටු නිසා ජිවත් වන පුණ්ණ නම් දුගියෙක් විය. ඔහුට බිරියෙක් හා උත්තරා ජිවත් නම් දුවක් ද වූහ. එක් කළෙක රජගහ වැස්සෝ නැකත් කෙළියකට සැරසුණෝ ය. එය සතියක් පවත්වන උත්සවයකි. එදා උදැසන ද පුරුදු පරිදි පුණ්ණ සිටු ගෙදරට ගියේ ය. සුමන සිටු ඔහු අමතා…

Read More

සම්මත විවාහයෙන් පීඩවට පත්වෙද්දී, අසම්මත සම්බන්ධතාවයන්ට යොමු වෙන්න එපා !

ධර්ම සාකච්ඡාවක් අවසානයේදී, පිංවත් කාන්තාවක් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමින් වහන්ස මට ගොඩාක් ප්‍රශ්න තිබෙනවා. පවුල් ජිවිතයේදී, ස්වාමීපුරුෂයා සමඟ අඩදබර වෙනවා. දරුවන් අකීකරුයි. ස්වාමී පුරුෂයා මත් වතුර බොනවා. ඥාතීන්ගෙනුත් හොඳක් අහන්න නැහැ. ස්වාමීන් වහන්ස මට ජිවිතය එපා වෙලයි තිබෙන්නේ කියලා. භික්ෂුව ඒ වේලාවේ එම පිංවත් කාන්තාවට මතක් කළේ ඔබ කරපු දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබම…

Read More

නිවන් මඟ ගමන් කරන පිංවතා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිවන් මඟ ගමන් කරන පිංවතා, කාරණා හතකට ගරුකළ යුතුයි කියලා. එම කාරණා හත තමයි බුදුරජාණන් වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට, ශීලයට, සමාධියට, අප්‍රමාදීභාවයට, ධර්ම සාකච්ජාවට. ධර්ම සාකච්ජාව නිවන් මාර්ගයට අදාළ ගරුකළයුතු ධර්මයක්‌ වෙනවා. ධර්ම සාකච්ජාව සාර්ථක කරගැනීමට නම් සවන්දීමේ හැකියාව අපි ඇතිකරගතයුතු වෙනවා. නිවන් මාර්ගයේ ගමන්කරන පිංවතාට නිහඬ පරිසරය හුඟාක්‌ වැදගත් වෙනවා. අපි…

Read More

ප්‍රශ්නය බරපතල වුණත් හේතුඵල ගැලපීමේ දී මතුවන දේ සුන්දරයි.

ඇසට දකින්න ප්‍රිය කරන, කනට අසන්නට ප්‍රිය කරන, මනසින් විඳින්න ප්‍රිය කරන, මොන තරම් සුන්දර දේවල් ලෝකයේ තිබෙනවාද…? සමහරක් පින්වත් මනුෂ්‍යයෝ මොන තරම්, සුන්දර සැපයක් අත්විඳිනව..? අපි අත්විඳින හැම සැපයක් පසුපස ම, සැඟවුණ සුන්දර ධර්මයේ අර්ථයක් තිබෙනවා. අපි පින කියලා කියන්නේ එම සුන්දර ධර්මයේ අර්ථයට. පින අනිත්‍ය වූ සංස්කාරයක් වුණත්, පින විපාක දෙන කොට, පින…

Read More

ප්‍රීතිය යනු ආස්වාදය නොවේ.

පින්වත, දුරුත්තේ ශීතල නම් හරිම අකීකරුයි. උදෑසන කුටියේ දොර විවෘත කොට ගෙන මිදුලට බසිද්දී, පරිසරය ම වායුසමීකරණය කරලා වගේ මයි. එක ම මිම්මකට, එක ම රිද්මයකට පරිසරය පුරා ම ශීතල පැතිරිලා. පින්වත, පරිසරය තුළ මොනතරම් නම් නිසල සහ සසල සතර මහා ධාතුවේ ශක්තියක් තිබෙනවා ද? පින්වත, පරිසරය තුළ ක්‍රියාත්මක වන මෙම ශක්තිය, විශ්ව ශක්තියක් හැටියට…

Read More

තෘෂ්ණාවේ ආධිපත්‍යයට එරෙහිව අභියෝග කිරීම පිණිස.

පිංවත් ඔබ විවේකීව සිටින විට සිතත් සමග පිළිසඳරේ යෙදෙන්න. මොකක්‌ද මේ ජීවිතය. අම්මල, තාත්තල, ආච්චිල, සීයල මැරිලා යනවා. පුතාලා දුවලා මුණුබුරෝ මිණිබිරියෝ ලොකු මහත් වෙනවා. මම කවදා මැරෙයිද, කොයි ආකාරයෙන් මැරෙයිද?, මැරිලා නැවත කොතැනක ඉපදෙයිද, සතර අපායකට වැටුණොත් කල්ප කීයක්‌ එම දුක විඳින්න වේවිද? එදාට මට අද වගේ අම්මෙක්‌, තාත්තෙක්‌, දුවෙක්‌, පුතෙක්‌, බිරිඳක්‌, සැමියෙක්‌ කොයින්ද?…

Read More

රූපය ඉදිරියේ වහලෙක් නොවී, නිහඩ උපක්‍රමශීලී ගවේශකයෙක් වෙන්න.

පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්‌මවා ශරීරය ඉස්‌මතු කර පෙන්වන ඇඳුමක්‌ ඇඳගෙන ප්‍රසිද්ධ ස්‌ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස්‌ කරගෙන ආස්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඔබේ ඉන්ද්‍රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක්‌ සලස්‌වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්‍රිය අසංවරභාවය…

Read More

සිනහවක් දන් දෙන්න බැරිනම් ඔබ සෝවාන් වීමට කළබල නොවන්න.

භික්‍ෂුවට මේ තැනට එන්න උපකාරී වුණේ මේ අතීත කුසල් ශක්‌තියමයි. මේ කුසල් ශක්‌තිය භික්‍ෂුව මතුකරගන්නේ ගිහි කාලයේ පිංකම් සහ සමාජසේවය තුළිනුයි. කොටින්ම අනුන්ව සතුටුකිරීම තුළින්. තමා ළඟට පැමිණෙන සේවාදායකයා තමා ළඟට පැමිණෙන කිනම් මනුෂ්‍යයෙක්‌ වුවද අවම තරමින් සිනාවකින් හෝ සතුටුකිරීමට ඔබට හැකිනම්, ඔබේ සතුට අනුනගේ සැපය උදෙසා කැපකිරීමට ඔබ දක්‍ෂනම්, එය තමයි ගිහි පිංවතාගේ අතහැරීම…

Read More

ද්වේශ සිත.

සිතට මහත් වෙහෙසක්, කරදරයක් දැනෙයි.. කෙතරම් උත්සාහ කළත් සිතට එන තරහ පාලනය කර ගත නොහැකිය. මා කෙතරම් නිවැරදිව, හොදින් ඉන්නට උත්සාහ කළඳ අනෙක් අයගේ වචන මගේ සිත පාසාරු කරගෙන යයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා කලාප මට නොරිස්සුම ගෙන දෙයි. ඇතැමුන් මට ඉරිසියා කරයි. මුහුණට හොඳින් කතා බස් කරන, සිනහ වෙන අය මා නැති තැන මට දොස්…

Read More