සංස්කාර – 04.

අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ…! සංස්‌කාර නිරෝධයෙන් භවයෙන් නිවීගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, මහ රහතුන් වහන්සේලා ආදී උතුමන්, ගිනි ගොඩක දර අහවර වීමෙන් ගිනිගොඩ යම්සේ නිවී යන්නේද, සංස්‌කාර නිරෝධයෙන් එම උතුමන්ගේ විඤ්ඤාණය තමා තුළින්ම නිවීගිය හැටි නුවණින් දකිමින්, සංස්‌කාර නිරෝධය කෙරෙහි ඡන්දය ඇතිකරගන්න. අකුසල් සංස්‌කාරයන්ගෙන් මිදී කුසල් සංස්‌කාරයන් රැස්‌ කරගනිමින්, කුසල් අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. විවේකීව…

Read More

ස්වාභාව ධර්මය සමඟ නිදහසේ ජීවත් වෙන්න.

පිංවත ලෝකය උඩු යටිකුරු වෙමින්, යළි යටි උඩුකුරු වෙමින් පටිච්චසමුප්පන්නව ගමන් කරනවා. පිංවත තෘෂ්ණාව තිබෙන තැන උපාදානයෝ තිබෙනවා. උපාදානයෝ තිබෙන තැන භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ තිබෙනවා. පිංවත මේ ජීවිතයේ විසිතුරු රටා දමලා, ලස්සනට මල් වට්ටි හදන දරුවෙක් සිටිනවා. මේ දරුවා ලස්සන විසිතුරු රටා දැමූ මලින් බුදුසමිඳුන්ට පූජා පවත්වනවා. එම පිනෙන් එම දරුවා පටිච්චසමුප්පන්නව ඊළඟ…

Read More

මිථ්‍යා දෘෂ්ටිය පාප කර්මක් ද?

අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙව් මිනිසුන් හට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළ, භාග්‍යවත් වූ, තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකයට පහළ වී තමන් වහන්සේගේම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ගත් ධර්මය, මුල මැද, අග යහපත්කොට දේශනා කළ කල්හි, ඒ ධර්මය අසන නුවණැති…

Read More

මේ ලොව පිරිසිදුම තාක්ෂණය යි.

තාක්‌ෂණයෙන් දියුණුවට පත්වූ ලෝකයා “තාක්‌ෂණය නිසා ලෝකය විශ්ව ගම්මානයක්‌වී, ලෝකයේ පාලනය මිනිසා විසින් සිදුකරනවා” යන විශ්වාසයට පැමිණ ඇත. මේ මායව තුළ ලෝකයා මොනතරම් මුලාවට පත්වී ඇතිදැයි යන්න ගැන ඔබට අවබෝධයක්‌ ලබා ගත හැක්‌කේ ධර්මය අවබෝධ කරගැනීමෙන්මය. ලෝකයා සතුටුවන, ලෝකයා ජීවත්වන, ලෝකයා පාලනය කරන ඊනියා තාක්‍ෂණය, ක්‍රියාත්මකවන්නේ බලශක්‌තිය මඟිනි. බලශක්‌තිය හිඟවුණු දිනයක, බලශක්‌තිය නැතිවුණු දිනයක තාක්‍ෂණයේ…

Read More

අපායෙන් ගැලවී විත් මහණ දම් පිරූ තරුණයෙක්.

මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි. අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ. එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ….

Read More

සම්මා දිට්ඨිය නැමැති නිවැරදි දොරටුවෙන් ඇතුළු වෙන්න.

සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ශීලය පිංවතුන්ලාට හරි ම පහසු දෙයක්. පිංවත් ඔබගේ ජීවිතය සරල කරනවා; සැහැල්ලු කරනවා. ශීලය අපි ආභරණයක් කර නො ගත යුතු යි. සම්මා දිට්ඨියෙන් පෝෂණය නො වූ ශීලය, යමෙකුට ආභරණයක් කරගන්න පුළුවන්. එය ඔහුව නොමඟ යවන අනතුරුදායක ක්‍රියාවක් වෙන්න පුළුවන්. සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණු ශීලය කියන්නේ බලයක්; සමාධියට, ප්‍රඥාවට ගොඩවීම සඳහා වන…

Read More

කාමයේ වරදවා හැසිරීම,ස්ත්‍රී උපත් සහ දූෂණය.

බුදුන් වහන්සේගේ සමයේ දී එක්තරා රහතන් වහන්සේ නමක් රහත් වී සිංහනාද කර පවසන්නේ; උන්වහන්සේ බුදුන්ගෙන් කමටහන් ගෙන අමු සොහොනක,එදා මළ ස්ත්‍රියකගේ විරූපී වී ගිය ශරීරයක් දෙස බලා භාවනා කිරීමට උත්සාහ කරත් කාම සිතුවිලි එම මළ ස්ත්‍රිය කෙරෙහි ද සකස් වූ නිසා ඉන් ඉවත්ව ගොස් කාමයේ තුච්ඡ බව අරමුණු කිරීමෙන් උතුම් රහත් ඵලය ලැබූ බවයි. මින්…

Read More

    ‘සිතීම’ පහසුයි – ‘භවය’ අපහසුයි.

    එක මහත්මයෙක්‌, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය යනවා. පටිච්චසමුප්පන්නව ඒ මහත්මයා එම ඉඩමේ ප්‍රේතයෙක්‌ වශයෙන් උපත ලබනවා. ඒ වැටමායිම ළඟ සිටිමින් තවමත් මායිමේ අයිතිය ගැන සිතනවා. නිමාවක්‌ නැති සිතීම, නිමාවක්‌ නැති භවය පෝෂණය කොටදෙනවා. ලෝකයේ කටුකම, බියකරුම, ගැඹුරුම, දීර්ඝම, අමිහිරිම දෙය මොකක්‌ද කියලා…

    Read More

    වස්සානය එළඹියේ දස කුසලයට මිස තරඟයට නොවේ.

    බුදුරජාණන් වහන්සේ ස්වාභාවික වැස්ස මුල්කොටගෙන, සංඝ සමාජයටත්, ගිහි සමාජයටත් තම සන්තානයන් තුළ ඇතිවෙන, කෙළෙස් වැස්ස තුනී කොටගන්න, විනයානුකූලව පනවා වදාළ වස්සාන කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොනවාට කියාපාමින්, වස්සාන කාලයත්, මංගල්‍යයක් බවට වර්තමානයේ පත්වෙමින් තිබෙනවා. වර්තමානයේ වස්සානයේ, වැස්සත් අනිත්‍යභාවයට පත්වෙලා ධර්මයේ අරටුව වන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, වස්සානය තුළින් දකින්නට ලැබෙනවා. මනුෂ්‍යයාගේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ…

    Read More

    පංච උපාදානස්කන්ධ ලෝකයට වැරදි කියන්න එපා.

    පිංවත, සම්මා සම්බුද්ධ සාසනය තුළ අවුල්, වියවුල්, ගැටුම්, මතභේද, විවේචන තිබෙන්නට විදිහක් නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයයි. විනය ශිල්පද දෙසිය විස්සකින් සහ වරද නිවැරදි කරන අධිකරණයන් හතකින් ජීවය ලබන සම්මා සම්බුද්ධ ශාසනය, අපි හැමෝම චතුරාර්ය සත්‍යය අවබෝධය දක්වාම සමාධියෙන්, ප්‍රඥාවෙන්, ඥාන දර්ශනයන්ගෙන්, විමුක්තියෙන් ජීවත් කරවනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ ජීවිතය කියන්නේ මේ…

    Read More