චතුරාර්ය සත්‍යය ධර්මයෝ දරාගත් මහා සංඝ රත්නය.

පින්වත, වියළි කාෂ්ටක පරිසරය හරිම උණුසුම්. පින්වත, දහවල් කාලයට ආකාශය ගිනියම් හිරු එළියෙන් පුපුරු ගහනවා. පින්වත, අපිට හේතුඵල ධර්මයෝ කියලා දීලා, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, වියළි පරිසරය ඉදිරියේ ඵලය නොව හේතුව මතු කොට දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, ලෝක නායකයෝ ඇතුළු අපේ නායකයෝ අධාර්මිෂ්ඨ වෙද්දී, පින්වත් ගිහි සහ පැවිදි පින්වතුන්ලා අධාර්මිෂ්ඨ වෙද්දී, ඉර, හඳ,…

Read More

මගේ කරගෙන ජීවත්වන සියල්ල දමා යන්නට සිදු වන ලෝකයක…

සංඝානුස්සතිය – 2. රට්‌ඨපාල ස්‌වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් අතහැර පැවිදි වූයේ කුමන හේතුවක්‌ නිසාද කියලා. එවිට රට්‌ඨපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘රජතුමනි, සත්ත්වයා නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ කරාම යනවා. කාටවත් වළක්‌වන්න බැහැ. රජතුමනි ඔබතුමා වයසට යන ස්‌වභාවය, රෝගී වන ස්‌වභාවය, මරණයට පත්වන…

Read More

තෘෂ්ණාව සැඟවිලා අපි හැමෝටම ඔච්චම් කරනවා නොවේ ද?

සත්ත්වයාගේ කුසල් අකුසල් සංස්‌කාරයන් හේතුවෙන්ම සකස්‌වෙන ස්‌වභාවික පරිසරය, සුන්දර ධර්මයේ අර්ථයනුත්, අසුන්දර අධර්මයේ අර්ථයනුත් ඔබට කියලා දෙනවා. කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්‌මහ බැලුම් බලලා බුදුරජාණන් වහන්සේනමක්‌ පහළවන යුගය කුසල් ධර්මයන්ගේ ඵලයෙන් ගොඩනැගෙන සුන්දර පාරිසරික කතාවක්‌ අපට කියලා දෙනවා. කුසල් ධර්මයන්ගේම ඵලයෙන් බිහිවුණා වූ සුන්දර පරිසරයක්‌. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම විශාලා මහනුවර…

Read More

ඔබේ තරුණ ලස්සන රුව කවුද රැගෙන ගියේ ?

ආදරය කියන වචනය පිංවත් ඔබට බොහෝම ප්‍රියමනාප හැඟීමක්‌ දෙන වචනයක්‌. ඇසේ ආශ්වාදය උදෙසා තවත් ඇසකට බැඳුනොත්, කනේ ආශ්වාදය උදෙසා තවත් කනකට බැඳුනොත්, නාසය නිසා තවත් නාසයකට බැඳුනොත්, දිව නිසා තවත් දිවකට බැඳුනොත්, මනස නිසා, කය නිසා තවත් මනසකට කයකට බැඳුනොත් අපි එයට කියනවා ආදරය කියලා. ඇසක්‌ ඇසක්‌ සමග බැඳෙනවා කියන්නේ දුකක්‌, දුකක්‌ සමග බැඳෙනවා කියන…

Read More

පෞද්ගලික සංස්කාර පාර්සලය ලිහා බලන්න.

පින්වත වැස්ස නැති නිසාම පින්වත් ගොවි මහත්වරුන් ඇළෙන් ලැබෙන වතුර අරපරිස්සමින් පරිහරණය කරලා තම ගොයම ආරක්ෂාකොට ගන්නවා. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට දින අස්වැන්න නෙලා ගන්න සූදානම්ව සිටිය දී මහා වැස්සක් ඇවිල්ලා මුළු අස්වැන්නම විනාශ වෙලා යනවා. පින්වත ඔබ මෙවැනි අකාරුණික සිදුවීම් දැකලා තිබෙනවා ද? ඇත්තටම අපිට මෙවැනි සිදුවීම් ඉදිරියේ අනේ අපොයි කියලා කියවෙනවා. පින්වත සංස්කාර…

Read More

විශේෂ වෙසක් දින‌ ලිපිය – 02.

(පිංවත් ඔබ වෙනුවෙන් මේ ලිපි මාලාව ලියූ ස්‌වාමීන්වහන්සේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ වසරේ වෙසක්‌ දිනය දා එය නිමිති කරගනිමින් ලියන ලද දීර්ඝ ලිපියක්‌ වේ. එය ඉතා දිගු සටහනකි. මේ එම සටහනේ දෙවන කොටසයි.) ධර්ම සාකච්ජාවක්‌ අතරතුර එක තරුණ මවක්‌ භික්‌ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ, මට කුඩා දරුවෙක්‌ සිටිනවා. දරුවාගේ කටයුතුත් කරමින්, සැමියාගේ කටයුතුත් කරමින්, ගෙදර දොර කටයුතුත්…

Read More

උතුම් බල ධර්මයන්ගේ ආර්ය හැඩරුව.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා යටත් විය යුත්තේ, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට පමණක් මයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ සිල් පද දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් තිබෙනවා. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය සම්මා සමාධි, සම්මා ඥාන සහ සම්මා විමුක්තියට පාර කියනවා. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය පැවිදි ශ්‍රාවකයාගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න…

Read More

ලෝකය අවබෝධ කරගැනීමේ මඟ.

(පිංවත් ස්වාමීන් වහන්සේ විසින් කොරෝනා දෙවැනි රැල්ලට පෙර පළ කිරීම සඳහා යොමු කරනු ලැබූ ලිපියකි.) පිංවත් මහත්මයෙක් ප‍්‍රශ්නයක් යොමුකරලා තිබෙනවා, ස්වාමීන් වහන්ස, මට නිතර ම රාත‍්‍රි නින්දේදී සිහින පෙනෙනවා. මට දැන් මේ සිහින පෙනීම වධයක් වෙලා තිබෙන්නේ. මම කොහොමද සිහින පෙනීම නවත්වා ගන්නෙ කියලා. අපි රාත‍්‍රියට සුවසේ නිදාගත්තත් කෙලෙස් නිදාගෙන නැහැ. පිංවත් ඔබ දෑස් නිදාගත්තත්,…

Read More

මරණාස්මෘතියව හෙවත් මරණය ගැන සිහිය පැවැත්වීම.

මරණය, වෙන්වීම, වියෝව, නැතිවීම, අහිමි වීම, අලාභය, මේ ආදී සියලු ආසන්න හේතූන් ජීවිතයට පැමිනෙද්දි ඒ දෙස බැලිය යුතු ආකාරය, සිහිය පැවැත්විය යුතු ආකාරය පිලිබඳ ඉතාම සිත් කාවදින කථාපුවතක් මේ ලිපියට අන්තර් ගතයි. පුහු හිස් අරමුණු අරභයා ලොකුවට උත්සව ගෙන සම්භාෂණ පවත්වා පොත් එළිදක්වන මෙකල හිස් පුහු මතවාද සමාජගත කරන්නට වෙර දරන මෙකල මෙවැනි පුවතක් අසන්නට…

Read More

අකමැති දේවල් දකින්න ලැබෙන්නේ අපේ අකුසල් නිසාමයී.

වර්තමාන සමාජයේ පිංවත් ඔබට අසන්නට දකින්නට ලැබෙන්නේ, ඔබ කැමති කරන දේවල් නොවේ. එයත් අපේ කර්ම විපාකයක්. කර්මයත්, කර්මඵලයත් කියන කාරණය අවබෝධයෙන් දකිනතාක්කල් පිංවත් ඔබට මේ පරස්පර හඳුනාගන්න බැහැ. අපි එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් යහපත් හෙටක බලාපොරොත්තුයි ඇති කරගන්නේ. නමුත් හැමදාම උදාවෙන දවස ඊයේට වඩා බියකරු දවසක්. මේ විකෘතිභාවය මනුෂ්‍යයා තුල ඇතිවන්නේ කාමච්ඡන්දයන් නිසාමයි. සිතේ ඇතිවෙන කාම…

Read More