ඔබ මේ උපන් බිමේ සත්පුරුෂ දරුවෙකුම වන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් උපන් කිඹුල්වත් පුර නුවරින් හමා එන සුළඟත් සුවදායකයි කියලා. එසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බෝධිසත්වයන් වහන්සේ නමක්‌ පස්‌මහ බැලුම් බලල ලෝකයට පහළ වන දේශයත්, හේතුඵල ධර්මයක්‌ නිසාමයි. යම් පිංවතෙක්‌ උපදින මවුබිම කියන්නේ හේතුඵල ධර්මයක්‌. පිංවත් ඔබ සුන්දර ස්‌වභාව සෞන්දර්යයෙන් පිරිපුන් ශ්‍රී සද්ධර්මය මුල්බැසගත්, ආර්යය මහා සංඝරත්නය වැඩ සිටින භූමියක…

Read More

උඩු සුළගේ හමනා සත්පුරුෂ ගුණ.

සාමාන්‍යයෙන් ලෝකයේ සුවඳ හමන්නේ සුළං හමන දිශාවටමයි. නමුත් මේ ලෝකයේ සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ සුළං හමන දිශාවටත් ප්‍රතිවිරුද්ධ දිශාවටත් හමනවා. මේ ගැන එදා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේයි. අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කොට පසෙකින් වැඩ සිටියා. ඉන්පසු ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ස්වාමීනී, සුවඳ උපදවන…

Read More

ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද?

ස්වාමීන් වහන්ස, ඔබ වහන්නසේ සඳහන් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමේදී අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය නැමැති දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිය යුතුය කියලා. ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද? සම්මා දිට්ඨියට පිවිසීමට නිවැරදි දොරටුවක් තිබෙනවා. එම දොරටුව තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ දොරටුවෙනුයි සම්මා…

Read More

තෘෂ්ණාවෙන් පෝෂණය වන විඤ්ඤාණය නමැති මායාකරුවා.

පිංවත, ඔබ කාට කොතරම් ආදරය කළත්, ආදරය කියන වචනයේ අර්ථය තෘෂ්ණාවම නේද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවට ලස්සන, සිනිඳු, මටසිළිටු මෝහයේ ඇඳුම් අන්දවලා, මම ය, මගේ මය, මගේ ආත්මය මය යැයි කියන සක්කාය දිට්ඨියම සෙනෙහසින් අත්පැන් වත් කරලා, දුකට එකම හේතුව වන තෘෂ්ණාවට අපි ආදරය යැයි කියනවා. ආදරය කියන ආදරණීය වචනයට සැඟවිලා, තෘෂ්ණාවෙන්ම පෝෂණය වෙන විඤ්ඤාණය…

Read More

තෘෂ්ණාව මරා දමා දුකෙන් නිදහස් වෙන්න.

පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම පාඩම් පොතේ දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි සඳහන් කොළය අපේ ජීවිතවලින් ගැලවී ගියත්, අපේ සක්කාය දිට්ඨියේ පාඩම් පොත නම්, දිලිසෙන සුදට සුදේ පිට කවරයක් දමලා හරිම අගේට තිබෙනවා. පරණ බවක් පේන්න ම නැහැ. සක්කාය දිට්ඨිය පොතේ සුදෝ සුදු පිට කවරයේ නම, ලිපිනය, දූරකථන අංකය, ඊ මේල් තව ගොඩාක්…

Read More

අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ ආශ්‍රයම සොයාගෙන යනවා.

උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වූ තැනදී සම්මා සතිය වැඩෙන්නේ මිච්ඡා සතියක් හැටියටයි. මිච්ඡා සතිය ජීවිත ගතවෙච්ච තැනදි පටිච්චසමුප්පන්නව ඕපපාතිකව ප්‍රේතයෙක්ව උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුරුවෙලා යනවා. පණුවෙක්, ගුල්ලෙක් වෙලා උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුර්වලවෙලා යනවා. පසුගිය දිනක සම්මා සතියක් නැති මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, අතීතයේ වැඩසිටිය රහතන් වහන්සේලා ඇත්තටම පිරිනිවන්පෑවාද, උන්වහන්සේලා පිරිනිවන්පෑවාය…

Read More

ස්පර්ශය කෙරෙහි තෘෂ්ණාව නිරෝධයෙන් පංචඋපාදනස්කන්ධ නිරෝධය.

අපි හැමෝ්ම ජීවත් වෙන්න කැමැතියි’ නමුත් අපි හැමෝම මරණයට අකැමැතියි’ සමාජයේ ජීවත්වන සමහර පිංවතුන්” මරණය ගැන සිතන්න අකැමැතියි’ මරණය ගැන සිතන්න අකැමැති පිංවතා බොහෝම ඉක්මනට මරණය ජීවිතයට ළඟා කොට ගන්නවා’ එසේත් නැති නම්” ජීවත් වුණත් ඒ ජීවිතය මැරිච්ච ජීවිතයක්ම වෙනවා’ නොමැරී ජීවත් වුණත් වර්තමාන සමාජයේ වැඩිපුරම තිබෙන්නේ අලෝභ” අද්වේශ” අමෝහ ධර්මයන් මැරිච්ච ජීවිතයි’ බුදුරජාණන් වහන්සේ…

Read More

“සබ්බ පාපස්ස අකරණං” ගාථාවේ බලය.

ප්‍රශ්නය : ගෞරවණීය ස්වාමීන් වහන්ස, “සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං” සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාවන් කැටිවුණු මේ ගාථාවේ තිබෙන බලය කුමක් ද..? මේ ගාථාව ශ්‍රවණය කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් කෙනෙකුට එහි ගැබ්වුණු ශක්තිය ලැබෙනවා ද..? පිළිතුර : එහෙයි… ලැබෙනවා… දැන් බුදුරජාණන් වහන්සේ “සබ්බ පාපස්ස අකරණං” කියන්නේ, සියලු පාපයන්ගෙන් මිදෙන්න; “කුසලස්ස…

Read More

මෙ කල ද මාර්ග ඵල ලැබිය හැකි බව.

“මෙ කල විදර්ශනා වැඩීමෙන් පලක් නැත. කොතෙක් විදර්ශනා වැඩුව ද මෙ කල මාර්ගඵල නො ලද හැකිය” යි ඇතැමුන් කියතත් එය සත්‍යය යි පිළිගැනීමට හේතු යුක්තියක් නැත. යම් ප්‍රතිපත්තියකින් යම් ඵලයක් ලැබේ නම් කවරදාත් ඒ ප්‍රතිපත්තිය නොවරදවා පිරුව හොත් ඒ ඵලය ලැබිය යුතුයි. මාර්ග ඵල ලැබීමට නිසි ප්‍රතිපත්තිය පිරීමෙන් එක් කලෙක දී මුත් සෑම කල්හිම මඟ…

Read More

ගින්දර අයිති විනාශයටමය.

පිංවත, අපි අතීතයේ කවදත් වැටි වැටී නැගී සිටි ජාතියක්. අපි වැටුණා කියලා කියන්නේ අකුසලය බලවත් වුණාය කියන කාරණයයි. අපි යළි නැගී සිටියාය කියලා කියන්නේ කුසලය බලවත් වුණාය කියන කාරණයයි. පිංවත, ඔබට මතක ද පසුගිය වසරේ පැවති මුළු රටම අරාජිකභාවයට පත්කළ ගෝල්ෆේස් අරගලය. ජනපති නිල නිවස, අගමැති නිල නිවස, ජනපති ලේකම් කාර්යාලය පවා අරගලකරුවන් සියතට ගත්…

Read More