රුපයේ මොන ලස්සනක් ද?

මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක්‌ කරගත් පිංවතෙකුට, පිංවතියකට ‘මේ තරම් ලස්‌සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ‘ කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය ‘පවුඩර් සාප්පුව’ දිහා බැලුවහමනම් ලස්‌සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්‌සනක්‌ද?…

Read More

පංච උපාදානස්‌කන්ධ මාරයා.

තමන් තුළ ඇතිවන පංච උපාදානස්‌කන්ධ මාරයා සහ බාහිර පංච උපාදානස්‌කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව දේශනා කරන දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා, ඉන්ද්‍රිය සංවරය, වීර්යය, ප්‍රත්‍යවේක්‍ෂාව, මඟහැරයැම, දුරුකිරීම කියන මූලික කාරණා කිහිපය පිංවත් ඔබට හුඟාක්‌ උපකාර වෙනවා. ඉහත කාරණා කිහිපය කැටි කරලා තමයි, බුදුරජාණන් වහන්සේ,…

Read More

නිවන පිළිබඳ අනුමාන ඥාණය ලබා ගත හැක්කේ කෙසේද?

බුදුන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම අවබෝධ කරගත් විමුක්ති මාර්ගය, භව නසන මාර්ගය (බණ) තම මුළු ජීවිත කාලය තුළම අනන්ත අප්‍රමාණ දෙව් මිනිසුන්ට නිවනට මඟ පෙන්වා දීම සඳහාම දේශණා කළහ. බුදුපියාණන්ගේ පරිනිර්වාණයෙන් පසුව මඟඵල ලැබූ ආර්ය උත්තමයින් වහන්සේලාද මේ නිවන් මාර්ගය දේශණා කර පරම්පරා ගණනාවක් නොනැසෙන ලෙස නිවන් මඟ ආරක්‍ෂාකර දේශණා කරමින් පවත්වාගෙන ආහ. ආර්ය උත්තමයන් වහන්සේලාගේ විශේෂයෙන්ම…

Read More

දිනුම සහ පැරදුම, බිදෙන විසිරෙන අනිත්‍ය වු සංස්කාරයක්.

පින්වත, භික්ෂුව වැඩසිටින ප්‍රදේශයට වැස්සේ ඉවරයක් නම් නැහැ. දිගටම කඩින් කඩ වහිනවා. පසුගිය කාලයේ නියඟයට බැන්න පින්වත් මනුෂ්‍යයෝ වර්තමානයේ වැස්සට බනිනවා. පින්වත මේ ලෝකයේ බැනුම් නාහන ධර්මතාවයක් නැහැය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පින්වත මේ ලෝක ධාතුවේ උත්තරීතරම අර්ථය වන උතුම් බුදුරජාණන් වහන්සේ සහ උතුම් ධර්ම රත්නයත් අසත්පුරුෂ ලෝකයාගෙන් බැනුම් අහනවා. පින්වත ලෝකය යැයි බුදුරජාණන්…

Read More

භික්‍ෂුව මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියලා…

එක්‌ ගෞරවනීය ස්‌වාමීන්වහන්සේනමක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘ඔබවහන්සේ මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහාසෑය අනිත්‍යයි කියලද? එහෙම නැතිනම් රුවන්වැලි මහාසෑය දැක්‌ක හිත අනිත්‍යයි කියලද?’ කියලා. භික්‍ෂුව මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියලා. පාරිසරික හේතූන්, දේශගුණික හේතූන්, මිථ්‍යාදෘෂ්ටික සතුරු කරදර හේතුවෙන් විනාශයට යන, සතරමහා ධාතුවේ අනිත්‍යභාවයට යටත් ස්‌වර්ණමාලි සෑ සමිඳුන්වයි මම මුලින්ම මනසින් දැක්‌කේ. නමුත් වර්තමානයේ භික්‍ෂුව ඉහත ආකාරයට…

Read More

ඇයි ඔබ පිංවන්ත නැති ද ?

අද පසලොස්‌වක පොහොය දවසක්‌. පිණ්‌ඩපාතය බෙදන වයෝවෘධ මව්වරු කිහිප දෙනෙක්‌ පැමිණියා වන්දනා කරන්න. මින් එක්‌ අම්මා කෙනෙක්‌ අපි දන්න බොහොම සත්පුරුෂ ස්‌වාමීන්වහන්සේ නමකගේ අම්මා කෙනෙක්‌. මේ අම්මලා දෑත් නළලේ තබාගෙන බොහොම හැඟීම්බරව ප්‍රකාශ කළේ ‘අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා දැකීමත් මහා පිනක්‌’ ය කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම මෑණිවරුන්ට ප්‍රකාශ කළේ ‘මෑණිවරු සිතනවා නම් මා දැකීම පිනක්‌ය…

Read More

කීකරුභාවය නිසා ම පිනෙන් පිරෙන ජීවිත.

පින්වත් මහත්මයෙක් අද උදෑසන පිණ්ඩපාත මඩුවේ දී භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට නිතරම අනතුරු සිද්ධ වෙනවා. එම නිසා තමන්ට ආශීර්වාද කරන්නය කියලා. එම මහත්මයාට තිබුණේ සිනහවක් නැති පරාජිත මුහුණක්. පින්වත, ඔබත් නිරතුරුව ම අනතුරුවලට ලක් වෙන පින්වතෙක් ද? පින්වත, කරුණාකර ඔය කතාව වෙන කාටවත් ම කියන්න නම් එපා. සත්‍යකින් ම එය ඔබට ලජ්ජා විය යුතු…

Read More

කුඩා වරදේත් බිය දකින්න.

පින්වත, සැප අහිමි, දුකට බර ජීවිත මොනතරම් නම් සමාජය තුළ තිබෙනවා ද? පින්වත, මාසික වැටුපෙන් පමණක් අඹුදරුවන් පෝෂණය කර ගෙන ජීවත් වන දෙමාපියන්, ලෝකයාට හොරා අත්විඳින මානසික පීඩනය කවදාහරි දවසක අවසන් කරන්නේ රජයේ රෝහලක ඇඳක් මත නේද? පින්වත, පණ යන මොහොතේ දරුවෙක්වත් ළඟපාතක නැහැ. ජීවිතය පුරා ම අඹුදරුවන් වෙනුවෙන් දුක් විඳලා කාටවත් ම නොකියා ම…

Read More

සතුට ඇත්තේ කොතැන ද?

පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ නැවුම් බලාපොරොත්තුවක් ද? එසේත් නැති නම් ප්‍රශ්නාර්ථයක් ද? පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් නම්, පින්වත් ඔබගේ එම සුන්දර බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා! යැයි කියලා, භික්ෂුව මෙත් සිතින් ආශීර්වාද කරනවා. පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්…

Read More

බද්ධේරක ඇතාගේ කථා පුවත.

නොපමා බවෙහි ඇලෙව්. තොපගේ සිත රකිව්. (ගැඹුරු) මඩෙහි ගැලුනු ඇතු වෑයම් කොට එයින් නැගී ගොඩ පිහිටිය මෙන් තමා ඒ කෙලෙස් මඩින් ගොඩ නගවු. “අප්පමාදරතොති” යන මේ ධර්මදේශනය තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටියදී කොසොල් රජුගේ බද්ධේරක නම් ඇතෙක් පිළිබඳව දේශනා කළහ. එම ඇතා තරුණ කාලයේදී මහා බලවතෙක්ව සිට වැඩකර පසුව වයසට යාම නිසා ආබාධවලින් පෙළුනේ එක් මහා…

Read More