ආත්ම පන්සියයටම එක වරක් කුස පුරවාගත්, ලෝසක තිස්ස තෙරුන්.

පින්වතුනේ, පින්වත් දරුවනේ, යම් කෙනෙකුට යමක් ලැබෙන්ට තියෙනවා නම් කවදාවත් ඒකට අකුල් හෙලන්ට හොඳ නෑ. වළක්වන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේට ඊර්ෂ්‍යා කොට එය නැති කර දාපු හේතුවෙන් සසරේ බොහෝ කලක් දුක් වින්ද ඉතා ම ශෝචනීය කථාවක් දැන් ඉගෙන ගන්නේ. ඒ කාලේ අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනයේ. ඒ කාලෙම කොසොල් රටේ මාළු මරණ…

Read More

ඔබේ භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කරගන්න.

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ කුසලය සහ පින කියන්නේ එකම කාරණයක්‌ද?’ කියලා. මෙය පිංවතුන්ලා නිතර ස්‌වාමීන්වහන්සේලාගෙන් විමසන ප්‍රශ්නයක්‌. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවා, කුසලය කියලා කියන්නේ කාරනා 10 කට කියලා. එම කාරනා දහය තමයි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන්, පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්පලාපා කීමෙන් වැළකීම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්මා දිට්‌ඨිය යනු…

Read More

ධනයෙන්, බලයෙන්, අවියෙන් අවිද්‍යාව තව තවත් බලවත් වෙනවා.

පිංවත ලෝකයේ මහා බලවතා වෙන්නේ ඇමෙරිකාව හෝ වෙනත් රාජ්‍යයක් නොවේ. ලෝකයේ මහ බලවතා වෙන්නේ අවිද්‍යාවයි. පංච නීවරණයන්ගේ ධනයෙන් බලවත්වෙන අවිද්‍යාව පෙර පිනට අදාළව සංස්කාර හේතුවෙන්ම සකස්කොට ගන්නා ඇලීම් සහ ගැටීම් මුල්කොටගෙන ධනයෙන්, බලයෙන්, අවියෙන් අවිද්‍යාව තව තවත් බලවත් වෙනවා. පිංවත ලෝකයේ බලවත් යැයි සම්මත රාජ්‍යයන්ගෙන් උපදෙස් හා ගුරුහරුකම් ගන්නවා යැයි කියන්නේ, අවිද්‍යාවෙන් උපදෙස් ගන්නවාය කියන…

Read More

මෙසේ දකින්න! පුද්ගල සංඥාවෙන් මිදෙන්න!

පිංවතුනි ආයතන වශයෙන් මේ කය වෙන්කර දකින්න පුළුවන්. කුමක්‌ හේතුවෙන්ද ඇස, කන, නාසය, දිව, කය, මනස සකස්‌ වුණේ නාමරූප ධර්මයන් නිසා. කුමක්‌ නිරෝධය කළොත්ද නාමරූප නිරෝධය සිද්ධවෙන්නේ? අවිද්‍යාව නිරෝධයෙන්, සංස්‌කාරයන්ගේ විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරෝධය සිද්ධවෙනවා. නාමරූප නිරෝධය හේතුවෙනුයි සලායතන නිරෝධය සිද්ධවෙන්නේ. අපි එක පාරටම නාමරූප නිරෝධය සලායතන නිරෝධය කියල ගත්තොත් සමහරවිටක අපි භාවනාවේදී රැවටෙන්න පුළුවන්….

Read More

මාතිකමාතා

බුදුරදුන් සැවැත්නුවර වැඩවසන සමයෙහි ආසන්න එක්තරා ජනපදයක මාතිගාම නම් ගමක් විය. මේ ගමෙහි බොහෝ වැසියන් වාසය කළ අතර, එහි ගම් ප්‍රධානියා වූයේ මාතික නමැත්තාය. ඔහුගේ මව මාතික මාතා නම් වූවාය. ඈ ඉතා සැදැහැති කාන්තාවක් වූ අතර බුදුරදුන්ගෙන් කමටහන් ලබා මෙගමට පැමිණි භික්ෂූන් සැටනමක් තම නිවෙසෙහි වඩා හිඳුවා නානා ප්‍රකාර අග්‍ර රසයෙන් යුතු දානය පිරිනැමුවාය. දානය…

Read More

ජීවිතයත්, ධර්මයත් එකක් බවට පත්කොට ගන්න.

පින්වත් ඔබ ජීවත්වන සෑම නිමේෂයකදීම, අකුසල් මූලයන් ජීවිතයට එකතුකොට ගැනීමේ ක්‍රියාන්විතයක නිරතවෙලයි සිටින්නේ. පින්වත් ඔබ දානමය පින්කම් සිදුකළත්, සීලමය පින්කමක් සිදුකළත්, භාවනාමය පින්කමක් සිදුකළත්, පන්සලක බෝධිපූජාවක් සිදුකළත්, ලෝභ සිතක්මයි ඇතිකොට ගන්නේ. මගේ පින්කම, මගේ දානය, මගේ සීලය, මගේ සමාධිය මේ සෑම ක්‍රියාවකදීම මගේ ගොඩමයි වැඩිකොට ගන්නේ. සවසකට ප්‍රධාන විහාරස්ථානයකට ගිහින් බලන්න, බෝධීන්වහන්සේ අභියස, බෝධිපූජා තබන…

Read More

සංසාර බිය නැති කරන ජීවිතයට ඇති ආශාව.

තවත් දවසක් නිමා කරලා හිරු පරිසරයෙන් සමුගෙන යන්න දැන් හොඳටෝම ළඟයි, සැඳෑ අඳුර කැලෑ රොදෙන් විලි බියෙන් එබිකම් කරද්දී, ආලෝකය ඇයට තරවටු කරනවා, දවස තවමත් මගේ යැයි කියලා. හැමෝම ඉතින් රන්ඩු තමයි. කවුරුවත්ම කැමති නැහැ කතාබහ කරලා, ඉවසීමෙන් තමන්ගේ ප‍්‍රශ්නයක් විසඳාගන්න. පිංවත් ඔබගේ ඵස්සය තෘෂ්ණාවේ පැටලූනොත්, එතැන උපදින්නේ අවුලක්. අවුලෙන්, අවුලට ගිය ලෝකයක, අතීතයේ ජිවිතය…

Read More

වැස්‌ස වලාහක දෙවිවරු.

වේලාව සවස 5.00ට විතර ඇති. භික්‍ෂුව වැඩසිටින කඳුකර ප්‍රදේශයට වේගයෙන් සුළඟ හමනවා. කඩින් කඩ වැසිත් ඇතිවෙනවා. පරිසරය අඳුරු කරලා තිබෙන්නේ. ලොකු වැස්‌සක පෙරනිමිති පේනවා. මේ වැස්‌සට ගම්වැසියෝ කියන්නේ මහියංගන පෙරහැර වැස්‌ස කියලා. අතුරුභෝග කුඹුරුවල වගාකරලා තිබෙන, ගමේ ගොවි මහත්වරුන්ට මේ වැස්‌ස බලාපොරොත්තු ඉහළ නංවනවා. වැස්‌ස ගැන කථාකරනකොට මතකයට එන්නේ වැස්‌සවලාහක දෙවියන්ව. වැස්‌සවලාහක දෙවියන්ට ලස්‌සන දූවරු…

Read More

මියගිය ඤාතීන් සඳහා පිං අනමෝදම් කලයුත්තේ ඇයි.

තෙරුවන් සරණයි ..! බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමෙන් පසු උරුවෙල දනව්ව බලා වැඩම කළහ. තුන්බෑජටිල පිරිස දමනය කොට පැවිදිකිරීම සිදු වූයේ එහි දී ය. අනතුරුව බුදුරදුන් වැඩම කළේ රජගහනුවරට ය. කිංසච්චගවේසී ව සිටි සමයේ බිම්බිසාර මහරජු කළ ඉල්ලීම ඉටු කිරීම එහි වැඩමවීමට හේතුවයි. ඉක්බිති ව බුදුරදුන් රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළ සේක. බිම්බිසාර…

Read More

දෙව් දුවක් සමඟ නිවසේ වාසය කරමු.

පඨම සංවාස සුත්තං – එකට වාසය කිරීම ගැන වදාළ පළමු දෙසුම. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මධුරාවට ත්, වේරඤ්ජාවට ත් අතර වූ දිගු මාර්ගයට පිළිපන් සේක. එකල්හී බොහෝ ගෘහපතියෝ ද, ඔවුන්ගේ බිරින්දෑවරු ද මධුරාවට ත්, වේරඤ්ජාවටත් අතර දිගු මාර්ගයට පිළිපන්නාහු වෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මගින් බැහැර ව එක්තරා රුක් සෙවණක වැඩහුන් සේක. ඒ ගෘහපතිවරු ත්, ඔවුන්ගේ…

Read More