තෘෂ්ණාවේ සැඩ පහරට හසුව පටිච්චසමුප්පන්නව භවයෙන්, භවයට ඔබව ගසාගෙන යනවා…

මේ දිනවල කැලයේ හැම තැනම පුංචි, පුංචි, සුදුපාට මල් පිපිලා. කැලයේ මල් පිපුණහම කැලය හරිම ලස්සනයි. ඒ මල්වල ලස්සන බලන්න, කවුරුවත්ම අහල පහලකවත් නැහැ. කැලයේම පිපිලා, කැලය ලස්සන කරලා, ඒ මල් කැලයේම පරවෙලා යනවා. බුදුසමිඳුන් ඉදිරියේ ඇති, සත්‍යයේ පූජාසනයක් මත පූජාවෙලා, පරවී යන්න මේ මල් වාසනාවන්ත නැහැ. මීමැස්සන්ට නම්, මේ මල් සෙල්ලම් බඩු ගානයි, කැලෑ…

Read More

යෝගාශ්‍රම සංස්ථාවේ හදවත, සදානුස්මරණීය නාඋයනේ අරියධම්ම මහා සංඝනේතෘන් වහන්සේගේ සංක්ෂිප්ත චරිතය.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් ‘යෝගාශ්‍රම සංස්ථාවේ හදවත’ යනුවෙන් හඳුන්වා සම්භාවනාවට පාත්‍ර කරන ලද්දා වූ ශ්‍රීමත් සුගත තථාගත ශ්‍රී සම්බුද්ධ පාදස්පර්ෂයෙන් පරම පවිත්‍රත්වයට පත් වූ ජය භූමිය වන මේ ශ්‍රී ලංකාද්වීපයෙහි ත්‍රිවිධ ශාසනභාරධාරීව වැඩවිසූ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති, ප්‍රධාන අනුශාසක මහා බෝධිසත්ව ගුණ සමන්වාගත අතිපූජනීය නාඋයනේ අරියධම්මාභිධාන ශ්‍රී ලංකා…

Read More

තෘෂ්ණාවේ රැහැන් පට ජිවිතයෙන් ලිහා දැමූ කළ.

මේ සටහන ලියන දැන් වේලාව සවස පහට පමණ ඇති. පරිසරය හොඳටෝම නිහඬයි, සප්ත බොජ්ඣංග ධර්මයන් පැලපදියම් වූ භික්‍ෂුවගේ සිතත්, පරිසරයේ නිහඬභාවයත් එකතු වූ තැන, පරිසරයත් භික්‍ෂුවගේ ජීවිතයත්, එකක් බවට පත්වෙනවා. විවේකය හරිම ගාම්භීර ධර්මයේ අත්දැකීම් ජීවිතයට එකෟආධ්‍යාත්මික සහ බාහිර සතරමහා ධාතුව එක ගොඩකටත්, විඤ්ඤාණය සහ ආයුෂය තව ගොඩකටත් දමලා, භික්‍ෂුව මොහොතක් පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙනවා….

Read More

ශාක්‍යය වංශයේ විනාශය.

පසේනදී කොසොල් මහ රජතුමා ඉතා ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකි. දිනක් මාළිගාවෙන් ඉවත බැලූ ඒතුමන්ට දහස් ගණනින් භික්ෂූන් වහන්සේලා අනේපිඩු සිටු මාළිගයට වැඩම කරන අාකාරය දුටුවේය. සිය මාළිගාවටත් භික්ෂූන් වහන්සේලා වඩමවා දන් පිළිගැන්වීමට සිතූ රජු දිනපතා දනට වඩින ලෙස බුදුරදුන්ට දන්වා සිටියේය. බුදු රදුන් රජුගේ අාරාධනාව පිළිගත් අතර ඒය අානන්ද හිමියන්ට පැවරුවේ ය. අානන්ද හිමියන් භික්ෂූන් වහන්සේලා…

Read More

නිරය.

නිරය කියලා කියන්නේ යොදුන් දසදහස් ගණනක් මහපොළව යට තිබෙන ස්වාභාවික පරිසරයක්. නිරය කියන්නේ කවුරුන් හෝ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කෘත්‍රිමව ඇති කළා වූ පරිසරයක් නො වේ. නිරය කියන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් මැව්වා වූ පරිසරයක් නො වේ. පිංවත් ඔබ, මනුෂ්‍යයා වාසය කරන මේ මනුෂ්‍ය ලෝකය නමැති පරිසර පද්ධතිය උපමාවට ගන්න. තද අව්රශ්මියෙන් ගිනිගන්නා කාන්තාර කලාපයන් තිබෙනවා. තද ශීතලෙන්…

Read More

භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අරහං ගුණයේ මහිමත්වය.

“බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං කප්පම්පි චෙ අඤ්ඤමහාසමානෝ ඛීයේථ කප්පෝ චිරදිඝමන්තරේ වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස” යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තිබේ. අනන්ත වු බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. එබැවින්…

Read More

මේ දුකදැයි සිහියෙන් බලන්න…

වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා. ඒ හිඳීගිය වැවේ ඇති සුළු වතුර ප්‍රමාණයේ අලින් නානවා, සත්තු වතුර බොනවා, කිඹුල්ලුත් බැසගෙන ඉන්නවා. ලුණු ගතිය වැඩිනිසා…

Read More

මේ සංසාරය අවබෝධයට හොදම කාලයයි.

වර්තමානයේ අවිද්‍යාව සිත්සේ ලෝකය පරිහරණය කරනවා. තෘෂ්ණාව සිත්සේ ලෝකය දුකෙන් තිරිහන් කරනවා. කාමච්ඡන්ද, බිය, සැකය, විසිරුණු සිත් ජීවිතවල සහකරු හෝ සහකාරිය බවටම පත්වෙලා. මේ සියල්ලේම ජවයෙන් අපේ පංච උපාදානස්කන්ධ ලෝකය හති දමමින් දුවන්නේ, තව තවත් සංස්කාර නමැති දහදියෙන් අපේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයන් තෙත බරිත කරවමින්, අපි කාටවත්ම මේ දිවීම නවත්වලා, ධර්මානුකූලව සතිය සිහිය පිහිටුවා ගන්න විවේකයක්…

Read More

ප්‍රියයන් ඇසුර දුකට හේතුවෙයි.

මේ සූත්‍රයේ සංවාද හා දෙබස් මඟින් එහි අන්තර්ගත මූලික අදහස මැනැවින් විස්තර කරයි. එසේම බුදුරදුන් විසින් දේශිත දහම් කරුණු දිවියට ඉතා සමීප සිද්ධි මඟින් සියලු දෙනාටම වැටහෙන අයුරින් ඉදිරිපත් කැර ඇති බව පෙනේ. පිය ජාතික සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ රාජ වර්ගයේ ඇතුළත් වෙයි. එසේ ම බුදුරදුන් විසින් දේශිත දහම් කරුණු දිවියට ඉතා සමීප සිද්ධි…

Read More

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ.

බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ. දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය: 01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන…

Read More