ඔබ මා හමුවූයේ කඳුළු පිරි දෑසින් සමුගැනීමට නොව එකිනෙකාගෙන් නිදහස් වීමටය.

අගෝස්තු පසළොස්වක පොහොය දවසේ ගම්මානයේ දුප්පත්, පොහොසත් පිංවතුන් විසිපහකට වැඩි පිරිසක් පැමිණ භික්ෂුවට වස් ආරාධනාවන් සිදු කළා.ගමේ හැමෝම එකතුවෙලා මැටි අනලා, පොල් අතු බැඳලා, දින හතරක් පමණ දිවා රාත‍්‍රී වෙහෙසවෙලා තාවකාලිකව කුටියක් හදලා, කුටියේ බිම ඇතිරූ ගොම මැටිවල නැවුම් සුවඳ අකීකරු සුළඟ සමඟ මුසුවී නාසයට දැනෙනකොට අතීත ශ‍්‍රාවකයන් වහන්සේලාගේ අල්පේච්ඡ ප‍්‍රතිපදාවමයි, භික්ෂුවගේ සිහියට නැගෙන්නේ. වර්තමානයේ,…

Read More

රූපයට වහලෙකු නොවන්න.

වර්තමාන සමාජයේ සූපවේදයේ දියුණුභාවය හේතුවෙන් සකස්‌වෙන විවිධ රසයෙන්, ගුණයෙන්, පැහැයෙන්, හැඩයෙන් යුත් ආහාරයන් නිසා පිංවතුන් එම ආහාරයන් ඇසෙන් දැක, දිවෙන් රසවිඳ අප්‍රමාණ ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන් නොලැබුණ තැනදී ගැටෙන සිත් ඇතිකරගෙන නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන්ට ඇල්ම නිසා රෝගාබාධ ඇති කරගන්නවා. එම නිසා පිංවත් ඔබ රසය ඉදිරියේ ඇස, දිව, මනස සංවර කරගන්න. එසේ නොවුණහොත් ආහාරය…

Read More

විශේෂ වෙසක් දින ලිපිය.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…

Read More

“තෙරුවණ් සරණ මිස මට අන් සරණක් නැහැ” ය යන සිංහනාදය කරන්න..!

අපි මියයන වෙලාවේ සම්මා සතියෙන් තොර සමාධියකට සිත පිහිටියොත් භවයේ උපතක්‌ සකස්‌වෙනවා. පළවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි ධ්‍යානතලවල සිත පිහිටියොත් රූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. ඉන් ඔබ්බට අරූපය තුළ සිත පිහිටියොත් අරූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. එම නිසා උපත නිරෝධය කිරීමට පක්‍ෂව අවසාන චුති සිත සකස්‌ කර දෙන්නේ සම්මාදිට්ඨියෙන් පෝෂිත සිතක්‌මයි. ඉහත හේතූන් නිසා ආර්යඅෂ්ටාංගික මාර්ගයේ ඇති වැදගත්කම,…

Read More

බුදු රජාණන් වහන්සේගේ සර්වඥතාඥානය.

පටිසම්භිදාමග්ගයේ සෝළස පඤ්ඤානිද්දේසයේ තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය මෙසේ විස්තර කර ඇත්තේ ය. “නත්ථි තස්ස භගවතෝ අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති” යං කිඤ්චි නෙය්‍යං නාම අත්ථි, තං සබ්බං ජානිතබ්බං අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො…

Read More

ලෝකය අසාධාරණයක්මයී. ඔබට සාධාරණය ඔබ තුළමයී.

අජාසත්ත රජතුමා එක්‌තරා සඳ ඇති රාත්‍රියක තමන්ගේ ඇමැති මණ්‌ඩලය කැඳවල විමසීමක්‌ කරනවා මේ සඳපායාලා තිබෙන සුන්දර රාත්‍රියේ මට සුන්දර ධර්මයක්‌ ඇසීමට ඇත්නම් එය විශාල සහනයක්‌ කියලා. ඇමැතිවරුන් තම තමන් ගරු කරන ශාස්‌තෘවරුන්ගේ නම් කියනවා. එක ඇමැතිවරයෙක්‌ කියනවා නිඝන්ඨනාථපුත්ත අහවල් තැන වැඩ සිටිනවා අපි එතනට යමු කියළා. තව ඇමැතිවරයෙක්‌ කියනවා සංජය බෙල්ලට්‌ඨපුත්ත අහවල් තැන වැඩසිටිනවා අපි…

Read More

බුද්ධානුස්මෘති භාවනාව

(මෙබඳු පොතක සියලු ම කර්මස්ථාන විස්තර කිරීම නුසුදුසු බැවින් සෑම දෙනාට ම ප්‍රයෝජන ගත හැකි ශමථ කර්මස්ථාන ගැන පමණක් විස්තරයක් කරනු ලැබේ.) බුද්ධානුස්මෘති භාවනාව කිරීමේ ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. ඉන් එකක් බුදුන් වහන්සේගේ රූපකය සිහි කිරීමය. එය කරන්නේ මෙසේ ය:- පළමුවෙන් ම තමාට ප්‍රිය කරන, හොඳය කියා සිතෙන බුදු රුවක් වෙත ගොස්, බුදු – රුව…

Read More

එළදෙන සහ කනුව.

වෙල්යායක් අසල කණුවක කඹයකින් බැඳි එළදෙනක් තණ කමින් සිටින්නීය. තමාට අයත් ගොදුරු බිමෙහි සීමාවන් හරිහැටි නොදත් ඇය, මුලදී විටින් විට ළඟ ඇති සරු ගොයමට ඇදෙන්නීය. එහෙත් ගෙල වටා ඇති කඹය ඇය බැඳී සිටින කණුව සිහිපත් කර දෙයි. අසිහියෙන් ඈතට අදින වාරයක් පාසා කණුවත් කඹයත් මෑතට අදින බැවින් අන්තිමේදි එළදෙන තමාට අයත් ගොදුරු බිම තේරුම් ගන්නීය….

Read More

සිල් රැකිය යුතු ආකාරය.

ශීලය සමාදන් වී නො රැකිය හොත් එහි ඇති වටිනාකමක් නැත. සමාදන් වූ ශීලය එක් ඇසක් ඇති තැනැත්තා ඇස ආරක්ෂා කරන්නාක් මෙන් ද, එක් දරුවකු ඇති මව දරුවා රක්නාක් මෙන් ද ඉතා ආදරයෙන් රක්‍ෂා කළ යුතුය. ලාභයක් හෝ අලාභයක් නිසා හෝ කෙනකු සතුටු කිරීමට හෝ අඹු දරුවන් නිසා හෝ ශීලය නො බිඳිය යුතුය. නුවණැත්තෝ ජීවිතය නිසා…

Read More

මෛත්‍රියත් පරෙස්සමින්…

පිංවත් ඔබට ලෝකය සුන්දර ලෙස චමත්කාරජනක ලෙස පෙනුන ද ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය අති බහුලය. ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය බහුලයි යනු මනුෂ්‍යයා තුළ සකස්‌වන්නාවූ අවිද්‍යාසහගත සිත ක්‍රෝධය, ද්වේශය, ව්‍යපාදය තුළින් අපවිත්‍රයි යන්නය. ලෝකය යනු සිතයි. සිතක්‌ යනු දුකයි. මේ දුක වැඩිවශයෙන් ඔබට සකස්‌කර දෙන්නේ ද්වේශයෙන් අපවිත්‍ර වූ ඔබගේ සිතමය. එහෙයින් ලෝකය තුළ ද්වේශය,…

Read More