ඔබ ඔය ද්වේශ කරන්නේ ඔබගේම මෝහයට නොවේ ද ?

පිංවතියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළා “ස්‌වාමීන්වහන්ස, මම දිනකට සිය වතාවක්‌ ඉතිපිසෝ භගවා පාඨය සිහිපත් කරනවා. දැනට සිහිපත්කොට ඇති වාර ගණන පනස්‌ දහසකට වැඩියි” යෑයි ප්‍රකාශ කළා. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ “එය බොහොම වටිනවා. ඔබ මෙනෙහි කරන්නේ බුදුරජානන් වහන්සේගේ උතුම් ගුණයක්‌. බුදුරජාණන්වහන්සේගේ උතුම් ගුණයක්‌ යමෙක්‌ එක මොහොතක්‌ නමුත් සිහිපත් කරනවා නම්, එය තමාගේ සැපය සඳහාමයි හේතුවෙන්නේ. නමුත්…

Read More

සංස්කාරය හේතුවෙන් සකස්වෙන ආශ්වාද මායාව.

පිංවත, අනේ කරුණාකර, අවිද්‍යාවේ නින්දෙන් මාව අවදි කරන්න එපා. මට මේ සුවපහසු ඵස්ස සයනයේ සුවසේ විඳීමේ සිහින දකිමින් නිදා ගන්න ඉඩ දෙන්න. පිංවත් ඔබ තවමත් අවදියෙන් සිටියාට, මම කුමක් නම් කරන්න ද? මා දකින මගේ සිහින මගේම ජීවිතයයි. පිංවත, නොඅවදි වී මා දකින සිහින මොනතරම් නම් ප්‍රණීත ද? මගේ පුතාලා, මගේ දුවලා, මගේම බෑණලා, ලේලිලා,…

Read More

අරටුව හඳුනා ගන්න.

ධර්ම සාකච්ඡාවකදී පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා හාමුදුරුවනේ සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැරිද කියලා. අවංකවම සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැහැ. සමාධියක්‌ නැහැය කියන්නේ පංචනීවරණ සිතේ බහුලයි කියන කාරණයයි. පංචනීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්‌කුච්ච, විචිකිච්චාව කියන ධර්මතාවයන්ට. මෙම අපද්‍රව්‍ය සහිත සිතේ ධර්මතාවයන්ට අදාළ භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. ලෝභ, ද්වේශ, මෝහ වැනි විෂම ධර්මතාවයන්නම් හොඳින් වැඩේවි. එම…

Read More

දුක ඇයි ?

සංසාරය පුරාවටම සිදු කළේ රැස් කිරීම පමණකි. මේ ජීවිතයේ සිදු කරමින් සිටින්නේද එයම පමණකි. භෞතික වස්තූන් කෙළවරක් නැතිව රැස් කරයි. එකක්වත් අත හරින සිතකින් සිදු කිරීමක් නොමැත. දානයක් දුන්නද එයින් ලැබෙන කුසලය පිළිබඳ අල්ලා ගැනීමක් ඇත. නිවාස, ඉඩ කඩම්, රැකියා, දූ දරුවන්, වාහන මේ සියල්ලම අල්ලා ගෙන කෙලෙස් සිත්වල අවුළුවා ගනිමින් එහිම පැටළී සිටියි. භෞතිකව…

Read More

    මහා කාශ්‍යප මහ රහතන් වහනේසේගේ ශ්‍රී දේහය තැන්පත් වෙලා තිබෙන කුක්කුට සම්පාත පර්වතය.

    තෙරුවන් සරණයි. (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) මේ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත්ව ඇති කුක්කුට සම්පාත පර්වතය තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහනේසේගේ ශ්‍රී දේහය තැන්පත් වෙලා තිබෙන කුක්කුට සම්පාත පර්වතය මහා කාශ්‍යප මහ රහතන් වහනේසේ පිලිබඳව වගේම කුක්කුට සමපාත පර්වතය පිලිබඳවත් ඒ වටා ගෙතුන…

    Read More

    ස්ථාවර සාමයක් උදෙසා.

    සඳට යන්නට, අඟහරු ලෝකයට යන්නට ඒවා අයිතිකර ගැනීමට, සුපිරි මධ්‍යස්‌ථාන පිහිටුවාගෙන අතිනවීන රොකට්‌ නිපදවන, දියුණු යෑයි සම්මත ලෝකයාට ඒවාට ගොස්‌ කංකුං මුගුණුවැන්න සිටුවීම පිණිස ගෙම්බන් වඳුරන් ඇති කිරීම පිණිස පර්යේෂණ කරන ලෝකයාට, සඳත් හිරුත් ග්‍රහලෝකත්, මේ නාමරූප ධර්මයන් තුළින් අර්ථවත්කොට පෙන්වා වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙසේ නම් හඳුනාගන්නද? දියුණුවේ නාමයෙන් විනාශය සොයාගෙන යන ලෝකයක්‌,…

    Read More

    සලායතන දැක්කොත් – ඔබ මේ විලසින.

    කායානුපස්‌සනාව – සලායතන භාවනාව මීළඟට බුදුරජාණන්වහන්සේ කායානුපස්‌සනාවට අදාළව දේශනා කරන්නේ සලායතන භාවනාවයි. මේ කය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වශයෙන් කොටස්‌ හයක්‌ කොට දකින්නය කියලා, ගව ඝාතකයෙක්‌ එළදෙනක්‌ මස්‌ කරලා මස්‌, කටු, බොකු, සම් වශයෙන් වෙන්කොට ගොඩගසා තිබෙන්නා සේ, මේ ආයතනය හය වෙන් වශයෙන් අරගෙන විදර්ශනාවට ලක්‌කරන්නය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇස නිසා…

    Read More

    තෘෂ්ණාව.

    පින්වත් ඔබේ දෑසට කඳුළු ගලන පලියට කඳුළු පිසදමන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුව කඳුලින් තෙත් වේවි. ඔබේ සිතට සිතුවිලි නැගෙන පලියට ඒවා ගැන සිතන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුවට ඉස්පාසුවක් ලැබේවි. සිතුවිලි සිතට නැගෙන පලියට ඔබ සිතුවොත් සංස්කාර නමැති කඳුලින් ඔබේ බවයට ගලාගෙන යන විඤාණය තෙත් වේවි. පින්වත් ඔබ තුල යම් අරමුණක් තිබුනොත් තමයි විඤාණයට…

    Read More

    අම්බපාලි මහරහත් තෙරණිය.

    ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් මිනිස් ලොව ඕපපාතිකව උපත ලබයි. අම්බපාලී කියන්නෙත් එසේ උපන් කෙනෙක්. ඇයට මවක් නැත පියෙක් නැත. ඇය විශාලා මහනුවර අභයරාජ කුමාරයාගේ අඹ උයනේ අවුරුදු 16ක සුන්දර තරුණියක් ලෙස ඕපපාතිකව පහළ වුණි.. (ඕපපාතික උපතක් යනු මාපියන් නොමැතිව කර්මාණුරූපව ඒ ඒ තැන උපදිනවා යන්නයි) ඇය එක් ජීවිතයකදී පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානය පූජා කර…

    Read More

    සියලුම යාගයන් අතරින් ශ්‍රේෂ්ඨම යාගය ශීලයේ යාගයයි.

    පිංවත බොරුව මුල් බැසගත්ත සමාජයක, ඇත්ත මතුකොට ගැනීමට නම්, බොරුවට මෙත් වඩන්නම වෙනවා. පිංවත් ඔබ සමාජගතවෙන බොරුවට ද්වේශ කරලා, වෛර කරලා, සත්‍යය මතුකොට ගැනීමට යාමෙන් ඇතිවෙන අධර්මානුකූල ඵලය වෙන්නේ, සමාජගතවෙන කාය කර්ම සහ වචී කර්මයන් හේතුවෙන් පිංවත් ඔබ ඊට වඩා බලවත් මනෝ කර්මයන් ජීවිතයට එකතුකොට ගැනීම පමණක්මයි. පිංවත බොරුව ඉදිරියේ ඔබ මෙත් සිතින් සත්‍යවාදී වෙන්න….

    Read More