අකුශල මූලයෝ.
“තීනිමානි භික්ඛවේ, අකුසල මූලානි ලොභො අකුසල මූලං, දොසො අකුසල මූලං, මොහො අකුසල මූලං” යනුවෙන් වදාළ පරිදි ලෝභය ය, ද්වේෂය ය, මෝහයය යන මේ ධර්මයෝ අකුශල මූලයෝ ය. ගස්වලට නො සැලී පිහිටීමට මුල් උපකාර වන්නාක් මෙන් අකුශල ක්‍රියා කරන්නා වූ චිත්ත චෛතසිකයන් හට ලෝභාදීහු මූල භාවයෙන් උපකාර වෙති. ඒ බැවින් ඒවාට අකුශලමූලයෝ යයි කියනු ලැබේ. අකුශල්…