ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවේ තීන්ත.

පින්වත සති සම්බොජ්ඣඬ්ගය ඵස්සය අසල සීරුවෙන් පසුවෙද්දී සිත විවේකයට ගොඩාක් කැමැතියි. පින්වත් ඔබේ ඵස්සය පංච නීවරණයන්ට ගොදුරු වුණොත්, සිත සෙල්ලමටමයි කැමති වෙන්නේ. එවිට සිත ඇලීම් සහ ගැටීම් සෙල්ලම්වල සිරකරුවෙක් වෙනවා. ඊයේ දිනය පුරාවට ඔබ තුළ සිතුවිලි කොතෙක් නම් ඇති වෙන්න ඇති ද? ඒ එකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ. අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ…

Read More

මේ සංසාරය අවබෝධයට හොදම කාලයයි.

වර්තමානයේ අවිද්‍යාව සිත්සේ ලෝකය පරිහරණය කරනවා. තෘෂ්ණාව සිත්සේ ලෝකය දුකෙන් තිරිහන් කරනවා. කාමච්ඡන්ද, බිය, සැකය, විසිරුණු සිත් ජීවිතවල සහකරු හෝ සහකාරිය බවටම පත්වෙලා. මේ සියල්ලේම ජවයෙන් අපේ පංච උපාදානස්කන්ධ ලෝකය හති දමමින් දුවන්නේ, තව තවත් සංස්කාර නමැති දහදියෙන් අපේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයන් තෙත බරිත කරවමින්, අපි කාටවත්ම මේ දිවීම නවත්වලා, ධර්මානුකූලව සතිය සිහිය පිහිටුවා ගන්න විවේකයක්…

Read More

භාවනාවේ දී ඇතිවන නිරුත්සහය සංසිඳවා ගනිමු.

බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමථ, විපස්සනා භාවනා වැඩීමේ දී බොහෝ දෙනාට සිතූ පරිද්දෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ ප්‍රමාද වන හේතු බුදුරජාණන් වහන්සේ පමණයි දන්නේ. අනිත් අය දැන ගන්නවා බොහොම අඩුයි. ඒ නිසා සර්වඥයන් වහන්සේගේ උපදෙස් පරිද්දෙන් අපට ලැබී තියෙනවා. භාවනා කරන යෝගීවරයෙකු භාවනාවේ ආනිසංශය නොදැනී නිරුත්සාහ බවට පත් වෙනවා. නිරුත්සාහ…

Read More

ඔබ සැබැවින්ම ධර්මානුකූල බෞද්ධ පිංවතෙක් ද?

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක් දස පාරමී ධර්මයන් පුරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ, ලෝකයාට චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මය දේශනා කිරීමටයි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය කියන්නේ, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයටයි. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ් සැබැවින්ම සරණ ගියා කියන්නේ, බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කොටගත් සැබෑම බෞද්ධයෙක්ය කියලා කියන්නේ මේ උතුම් චතුරාර්ය…

Read More

සද්ධර්මයේ භාග්‍යය උරුමකර ගැනීම.

පිංවත, අපවත් වී වදාළ මාගේ උපාධ්‍යායන් වහන්සේ වන අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පින් පරලොව ජීවිතයේ සැපය පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධය පිණිසම හේතු වේවා යැයි අපි සියළු දෙනාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. පිංවත, අපේ පිංවතුන්ලා පිංකම් කරන්න, දන් පූජා කරන්න…

Read More

ඔබ පය තබාගෙන සිටින පොළොව ඔබ උදෙසා බෝධිසත්වයන් දන් දුන් ශරීර මාංශයම නොවේද?

පිංවත් ඔබ දෑස්‌ පියාගෙන මහා සාගරයට සිත යොමුකරලා, මහා සාගරයේ ජල කඳ, බුදුරජාණන්වහන්සේ ඔබ වෙනුවෙන්, ඔබ මේ මොහොතේ ලබන ධර්මයේ සැනසීම වෙනුවෙන් අතීතයේ හෙළු රුධිරය බව දකින්න. පිංවත් ඔබ මේ මොහොතේ ‘මගේ කරගෙන’ බැඳී සිටින ඔය කුමන රූපයක්‌වත් ඔබ වෙනුවෙන් මේ ජීවිතයේදී අවම වශයෙන් කඳුළු බාල්දියක්‌ හෙළා තිබෙනවාද? කඳුළු සාගරයත්, කඳුළු බාල්දියත් සංසන්දනාත්මකව දකිමින් පිංවත්…

Read More

සසර කතරින් එතෙර වන්නට…

සංසාරය වනාහී අති දීර්ඝය. ස්කන්ධ-ධාතු-ආයතනයන්හි පරම්පරා වශයෙන් නොසිඳී පැවැත්ම සංසාරය ලෙස හැඳින්වේ. තවත් ආකාරයකින් කිවහොත් සත්වයන්ගේ ඉපදෙමින්, මැරෙමින්, නැවත ඉපදෙමින්, නැවත මැරෙමින් පවත්නා වූ අඛණ්ඩ භව ගමන සංසාරය නම් වේ. සංසාරයේ දීර්ඝත්වය කොතෙක්ද යත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සර්වඥතා ඥානයටම මිස අනෙකෙකුගේ ඥානයකින් නොදත හැක්කේය. එහි මුලක්-මැදක්-අගක් පනවන්නට නොහැකි බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘අනමතග්ගොයං…

Read More

ලොව ශ්‍රේෂ්ඨතම දානය.

“ලොව ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි..?” “බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. ධර්ම දානය නොදීම නිසා තමන්‍ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාව‍ට. සමහරුන්‍ට ධර්මය වැඩක්ම නැහැනෙ, තේ‍රෙන්නෙ නැහැනෙ. නමුත් මනුස්සයො වෙලා ඉපදුනා. මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන. නැත්නම් මනුස්‍සයො වෙලා ඉපදෙන්නත් බැහැ. පෙර ජීවිතයේ මනුස්සයො වෙලා…

Read More

සිඅහවත්, කඳුලත්, උපේක්ෂාවත් වේදනාවේ අනිත්‍යභාවයෙන්ම දකින්න.

භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්‌, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්‌. අනුන්ගේ සැප දුක්‌ බලෙන් ගත්ත කෙනෙක්‌. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක්‌ වේදනාවන් ප්‍රතික්‍ෂේප කරමින් යනවිට, භික්‍ෂුව සැප දුක්‌ වේදනා සොයාගිය කෙනෙක්‌. භික්‍ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්‌සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්‌කේ, රූපය ඇසුරින් දුක්‌ සැප වේදනාවන් තුළට…

Read More

සුවඳ මල් පූජා කිරීමේ අනුසස්.

නාගවිමාන වස්තුව. මේ මහා භද්‍රකල්පයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණ චෛත්‍යයක් කරවූහ. ඒ චෛත්‍යයය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝ ද, දනව් වැස්සෝ ද දිනපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල්…

Read More