අතින් අල්ලන් අපායේ ගිල්වන මිතුරුකමද? කෙස් වැටියෙන් ගෙන දහමේ ඔබන මිතුරුකමද?
වර්තමාන සමාජයේ පින්වතුන්ලා හුඟ දෙනෙක් සද්ධර්මය ගැන කතාබහ කළත්, සද්ධර්මය ශ්‍රවණය කළත් එම ධර්ම මාර්ගය තුළ ගමන් කරල ධර්මාවබෝධයක් කරා ගමන් කරන්නේ නැහැ. එය හරියට වැසි වළාකුළු වලින් ආකාශය බර වෙලා තිබුණත් වැස්ස වහින්නේ නැතුව වගේමයි කියල ධර්මයේ සඳහන් වෙනවා. වෙලාව රාත්‍රී අටත් පසුවෙලා. ගම්මානය දෙසින් වේග රිද්මයේ සංගීත හඬක් යාන්තමට ඇසෙනවා. මේ සංගීත හඬ…