රූපය ඉදිරියේ වහලෙක් නොවී, නිහඩ උපක්‍රමශීලී ගවේශකයෙක් වෙන්න.

පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්‌මවා ශරීරය ඉස්‌මතු කර පෙන්වන ඇඳුමක්‌ ඇඳගෙන ප්‍රසිද්ධ ස්‌ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස්‌ කරගෙන ආස්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඔබේ ඉන්ද්‍රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක්‌ සලස්‌වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්‍රිය අසංවරභාවය…

Read More

මෛත්‍රි භාවනාව කියන්නේ ද අතහැරීමකි.

භාවනා කරන බොහෝ දෙනෙක්‌ උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා. ඔබ පසළොස්‌වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්‍ෂ කීයක්‌ පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද…? විහාරස්‌ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්‌වා සිල් පවාරනය නොකොට විහාරස්‌ථානයේම නවතින්න. සවස හතර වනවිට…

Read More

ඒවා ඒවායේ ස්වාභාවයෙන් තිබිණා, භික්ෂුව භික්ෂූවගේ ස්වාභාවයෙන් සිටියා.

භික්‍ෂුවට මතකයි සාමනේර අවධියේදී වරක්‌ ගම්මානයට පිණ්‌ඩපාතය වැඩිය. එය දුෂ්කර ගම්මානයක්‌. බතුයි එළවළුයි පමණයි දානයට ලැබෙන්නේ. පැණි රසක්‌ පලතුරක්‌ ලැබුණේම නැහැ. එදා එක අම්මා කෙනෙක්‌ පාත්‍රයට කේක්‌ කැබැල්ලක්‌ පුජාකළා. භික්‍ෂුව පාත්‍රය උරහිසේ එල්ලාගෙන කැලය මැදින් කුටියට වඩින විට එකපාරටම පාත්‍රයේ තිබෙන කේක්‌ කැබැල්ල මතක්‌වෙලා කෙළ ගිළුණා. භික්‍ෂුව කැලයේ මැද නැවතුනා. පාත්‍රය ඇරියා කේක්‌ කැබැල්ල අරගෙන…

Read More

අතීත අකුසල් විපාක දෙද් දී, ධර්මයට අනුවම සිතන්න.

පිංවත් ඔබ ඇත්තටම ලෝකයට ආදරය කරනවාද, එසේත් නැතිනම් ද්වේශකරනවාද. පිංවත් ඔබ සතුටින් පිළිතුරුදේවි, ඔබ ලෝකයට ආදරය කරනවාය කියලා. නමුත් ඒ සතුට, සැපය පිණිස හේතුවෙන සතුටක් නම් නොවේ, මෙය සටහන් තබන භික්ෂුව, ගිහි ජීවිතයේදී ලෝකයට ගොඩාක් ආදරය කළා. ලෝකය මමය කියලා දැක්කා, ලෝකය මගේය කියලා දැක්කා. ලෝකය තුළ මම සිටිනවාය කියලා දැක්කා. ලෝකය මොනතරම් මගේ කොටගෙන,…

Read More

සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 14.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නපුරු සතුන් මඟහැර යන්න කියලා. පිංවත් ඔබ සිතන්න. නපුරු බල්ලෙක්‌ සිටිනවා, බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ නපුරු බල්ලා මඟහැර යන්න කියලා. ඔබ නපුරු බල්ලා ඉදිරියට ගියොත් ඒ බල්ලා ඔබව සපාකන්න පුළුවන්. සමහර විට ඒ නපුරු බල්ලා ඔබව දැකල දුවන්න පුළුවන්. නපුරු බල්ලා ඔබව දැකල දුවන විට ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. මගේ ශීලය,…

Read More

ඔබේ භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කරගන්න.

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ කුසලය සහ පින කියන්නේ එකම කාරණයක්‌ද?’ කියලා. මෙය පිංවතුන්ලා නිතර ස්‌වාමීන්වහන්සේලාගෙන් විමසන ප්‍රශ්නයක්‌. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවා, කුසලය කියලා කියන්නේ කාරනා 10 කට කියලා. එම කාරනා දහය තමයි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන්, පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්පලාපා කීමෙන් වැළකීම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්මා දිට්‌ඨිය යනු…

Read More

මගේ කරගෙන ජීවත්වන සියල්ල දමා යන්නට සිදු වන ලෝකයක…

සංඝානුස්සතිය – 2. රට්‌ඨපාල ස්‌වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් අතහැර පැවිදි වූයේ කුමන හේතුවක්‌ නිසාද කියලා. එවිට රට්‌ඨපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘රජතුමනි, සත්ත්වයා නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ කරාම යනවා. කාටවත් වළක්‌වන්න බැහැ. රජතුමනි ඔබතුමා වයසට යන ස්‌වභාවය, රෝගී වන ස්‌වභාවය, මරණයට පත්වන…

Read More

මගේ මළකඳ තුළිනුත් ඔබ දකින්නේ නම්…

පිංවත් ඔබ, දෑස්‌ පියාගෙන අතීතයේ නිතිපතා අකුසල් කඳු නිසා කල්ප විනාශයන්ට මැදිවී, ඔබත් මමත් පිච්චි, පිච්චී මියගිය තැන නුවනින් දකින්න. එදාට සත්ත්වයාගේ ආයුෂය වන්නේ එක සිතිවිල්ලක්‌ සකස්‌වෙන කාලයයි. සංස්‌කාරයන් පිංවත් ඔබට කරන මේ තියුණු විනාශය නුවනින් දකිමින් සංස්‌කාරයෝ අනිත්‍යයි, අනිත්‍යයි… වශයෙන් මෙනෙහි කරන්න. සත්ත්වයාගේ අවිද්‍යාව නිසාම, අනිත්‍ය වූ සංස්‌කාර විසින් ලෝකය පාලනය කරනවා. සංස්‌කාර විසින්…

Read More

පුංචි කුහුඹුවාගෙනුත් ඔබ ලොකු ආශ්‍රවයන් ඇතිකරගන්නවා ද?

මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්‌සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්‍ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්‍ෂක ක්‍රමවේදයක්‌ උපයෝගී කරගෙන මඟහැරයන්න. මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක්‌ පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්‍ෂිත උපක්‍රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන පිංවතුන්ලාට…

Read More

මනුෂ්‍යය ලෝකයේ දුක්ඛය.

මිනිසත් බව හෙවත් මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය ද දාන ශීලාදි පින්වලින් ම ලැබිය යුත්තකි. නිකම් ම ලැබෙන දෙයක් නො වේ. පින් කොට උපදවා ගත යුතු බව ලබා ගත යුතු බව මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයේ සංඛත ස්වභාවයයි. ඒ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය මඳ පිනකිනුදු ලැබිය හැකි බැවින් ලබා ගැනීම පිළිබඳ සංස්කාර දුඃඛය, දිව්‍ය බ්‍ර‍හ්ම ස්කන්ධ සම්බන්ධයෙන් වන සංස්කාර දුඃඛය…

Read More